IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරෙන් ඉතාලි ගොස් ආපසු ආ අයෙක් අත්අඩංගුවට

(උපාලි රණවීර)

තම හැඳුනුම්පත නැතිවූ බව කියමින් වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පත් අංකයක් ව්‍යාජ ලෙස භාවිත කොට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් සකසාගෙන අවස්ථා දෙකකදී ඉතාලියට ගොස් ආපසු පැමිණි අයකු අද(12) අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි.

නැදුන්ගමුව, බණ්ඩාරවත්ත පදිංචි 63වියේ පසුවන සැකකරු වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත් අංකයක් භාවිත කරමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සමග එක්ව ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය සකසා ඇතිබව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



අදහස් (9)

හොරෙන් ඉතාලි ගොස් ආපසු ආ අයෙක් අත්අඩංගුවට

පිටිගල මිලානෝ Tuesday, 12 December 2017 11:39 AM

වෙන්නප්පුව ප්‍රදේශයෙන් ඉතාලි එන අය බොහෝ දෙනෙක්ගේ මෙවන් ප්‍රශ්න තිබෙනවා.

:       0       106

mahinda italy Tuesday, 12 December 2017 11:48 AM

පලවෙනි පාර කොහොමද ලංකාවෙන් පිටත් වුනේ කියල හොයල බැලුවොත් නරකද ??? හොදටම විශ්වාසයි අඩුම තරමේ රුපියල් ලක්ෂ එකහමාරක් පගාව අරගෙන ලොකු නිලධාරියෙක් මාර්ගෙන් පිටත් වුණා කියලා. හොරෙන් ඉතාලි ගොස් ආපහු ආ අයෙක් අත්අඩංගුවට කියලා ලියලා තියන එක වැරදි. ඇත්තටම මේ පුද්ගලයා හොරෙන් නෙමේ ගුවන් තොටුපලෙන් පිටත් වෙලා තියෙන්නේ, පලවෙනි වතාවේ ඒ උන්න නිලධාරියා එක්කෝ පගාව අරගෙන එහෙම නැතිනම් රාජකාරි හරියට කරලා නැහැ. ඒ ගැන හොයල බලන්න කියල මම ඉල්ලා සිටිනවා,.

:       0       2

dulipWednesday, 13 December 2017 03:15 AM

සහතික ඇත්ත...............

:       0       0

Sathyayaa Tuesday, 12 December 2017 03:11 PM

පනින්න පෙර සිතා බලන්න කියන්නේ ඕකට තමයි. හැබැයි එක පක්ෂයක ඉඳල තව පක්ෂයකට පනින කොට ඔය න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

:       0       1

සනත් ඉන්දික Tuesday, 12 December 2017 03:13 PM

වෙන්නප්පුවේ නම් අහන්න දෙයක් නැහැ

:       18       56

nihal Tuesday, 12 December 2017 08:32 PM

මෙතන රටට කෝටි ගණන් අලාබයක් සිදුවී නොමැත. මේ පුද්ගලයා මොන ක්‍රමයෙන් හරි රට ගිය හම්බ කරගත් සල්ලි මේ රටටයි ගෙනාවේ ඒ ගැන හිතන්න. මේ පුද්ගලයා රට ගියේ හරිමන් රස්සාවක් නැති නිසා වෙන්න පුළුවන්. අවශ්‍ය නම් පොඩි දඩයක් ගසා එලියට දාන්න

:       0       43

මහින්ද Wednesday, 13 December 2017 03:57 AM

හොරෙන් හරි යන කෙනෙක් ගිහින් කීයක් හරි හොයාගෙන ආපුවම මොකද වෙන්නේ. අපේ ර‍ටේ ගන්න පඩියෙන් මොනවද කරන්න පුලුවන්නේ

:       0       0

nihal Wednesday, 13 December 2017 05:22 AM

සනත් මොකක්ද ප්‍රශ්නේ? වෙන්නප්පුවට කියන්නේ පුංචි ඉතාලිය කියලා. මීගමුවට කියන්නේ පුංචි රෝමය කියලා. යුරෝ විශාල ප්‍රමාණයක් මේ ගම් දෙක නිසා රටට ලැබෙනවා

:       16       132

අසෝක ජයතිලක මිලානෝ Wednesday, 13 December 2017 07:38 AM

මිලානෝ, ශාන්ත, වික්ටර්,.... හිරගෙදර වෙන්නප්පුවේ සහ මීගමුවේ අය ඉන්නවා. සමහර අය ඇතුලට ගියේ පිහි ඇනුම් වලට.

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site