(රාස්සගල සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හිරිකටුඔයේ පහන් තුඩාව වලට වැටි තරුණයෙකු මිය ගොස් තවත් තරුණයෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට අද (06) පස්වරුවෙි ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් අැත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 22 ක තරුණයෙක් බව කියයි.
කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි තරුණයන් දස දෙනෙකු දියනෑම සදහා හිරිකටුඔයට ගොස් ඇති අතර එහිදි ඡායාරූප ලබා ගැනිමට යැමේදී මෙලෙස පහන්තුඩාව වලට වැටි එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව පොලියිය කියයි.මියගියතැනැත්තාගේ සිරුර මේවනවිට බලන්ගොඩ මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර සමනල වැව පොලිසිය සහ බලංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්තුඩාව ඇල්ල කියන්නේ බෙලිහුල්ඔයේ ඉහළ කොටස... හිරිකටු ඔයේ නෙමෙයි.