( ජයන්ත සමරකෝන් )
අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර නැමැත්තා හදිසියේ රෝගාතුර වී තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට වසර 5 ක සිර දඩුවමක් නියම කෙරුණි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද සිර මැදිරි වසා දමා සිටි බව කියන හිටපු නගරාධිපතිවරයා හදසියේ අසනීප වී තිබිණි.
මොහු විශේෂ ගණයේ අපරාධකරුවෙකු ලෙස නම් කර සිටින බවද වාර්තාවේ.
COMMENTS
බලාගෙන ගියාම ඔක්කොම ලෙඩ්ඩුනේ....
හැබැයි ප්‍රමාද වෙලා රෝගාතුරු වෙලා.
සාටකයන් රටට මොනතරම් ජවනිකාවන් බිහිකලාද .. මේ එම එක් ජවනිකාවක් .
රෝහලෙන් ලගදීම නැවතත් නගරාධිපති තනතුරට ! මේ සැරේ එන්නේ ඇත්ත පිස්තෝලෙත් අරගෙන !
පිස්තොලේ කොහෙද දන්නේ නැහැ.
බයවෙන්න එපා, බොරු ලෙඩක් දාගෙන ටිකක් කල් ඉන්න
වීඩියෝ එකේ නම් සිංහයෙක් වගේනේ... වාහනය පස්සේ දුවගෙන ගියේ... දැන් මොකද? වසර 13ම ආරෝග්‍ය ශාලාවේ ඉන්නද කල්පනාව...?
කාටත් හිරේට ගියාම හැදෙන ලෙඩේ මෙයාටත් හැදිලා. මේවා වෙන්න ඕන කරන අපරාධ වලට .
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ මොහුට හිතුනෙ නැද්ද. එහෙම හිතුනනම් මෙහෙම දුක්විදින්න වෙන්නේ නැහැනේ.
රියදුරු බලපත්‍රය ගනිද්දී අලුත් කරද්දී මෙඩිකල් ගන්න ඕන හැමෝම. ඉතින් මේ දේශපාලුවන්ටත් නිලධාරීන්ටත් එසේ ක්‍රමවේදයක් ඕනනේ.
ඔයගොල්ලන්ගේ පුරුද්දක් නේ බන්ධනාගාරයෙන් රෝහලට යන එක.
ආයෙත් අහලා...
ඡන්දෙ ඉවරවෙනකම්ම ඇතුලේ තිබ්බා නම් ඔය ලෙඩ ඔක්කොම සනීප වේවි..!!!