සනත් ගමගේ
හම්බන්තොට දී පසුගිය ඔක්තෝබර හය වැනිදා පැවැති විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි අරංවල අමිත හිමියන් (19) වීරකැටිය මැදමුලන කිංචිගුණේ ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාර හිමිනම හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විරෝධතාවය සිදු වු දිනයේ සැකකාර හිමිනම විරෝධතාවයේ යෙදි සිටින අයුරු විඩීයෝ දර්ශන වල ඇතැයි හම්බන්තොට මහෙස්ත්‍රාත් වරයාට දැනුම් දීමෙන් පසු මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත සැකකාර හිමියන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.
COMMENTS
වයසේ හැටියට පේනවා කොහේ හිටපු උන්නාන්සේ කෙනෙක්ද කියල ! මෙච්චර දවසක් ගමේ දායකයන් දීපු දානය ගත්තත්, හෙට ඉඳන් ඇප ලැබෙනකම් මුළු රටේම දායකයන් දෙන දානය තමා වළදන්න වෙන්නේ !! මේ හිමියන් මෙච්චර දවසක් හංගා ගෙන හිටියේ කවුද? කොහේද ? අරංවල අමිත හිමියන් (19) වීරකැටිය මැදමුලන වලව්වේ (පන්සලේ) හිටිය වගෙයි පේන්නේ !!!!!
හැබැයි තාම යාපනේ අර කදු කිනිසි කල්ලියේ කාවවත් හොයාගන්න බැරි උනා නේද? අනික ඒක සුළු අපරාදයක්නේ.. ඒ වගේද ජාතික සම්පත් විකුණනවාට විරුද්දව උත්ගොෂණයක්, කොච්චර දරුණු අපරාදයක්ද?