( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසකින් ටී-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ගිනි අවි , පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
ඒ අතර අත් බෝම්බ 4 , පිස්තෝල අවි 1 , ඩෙටනේටර් 2 , ගල් කටස් වර්ගයේ ගිනි අවි 1, රිපිටර් උණ්ඩ 10, අත් විලංගු ජෝඩුවයි, එයාර් රයිෆල් අවි 1 එම උණ්ඩ 600 පොලිස් භාරයට ගෙන ඇත .
පිටිපන ප්‍රදේශයේ දී ඉකුත් 29 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත මෙම ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි .
COMMENTS
මේවා එදා පාස්කු ප්‍රහාරය වෙලාව හම්බවෙලා තිබ්බා නම් නියමයි.