IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හූනියම්වලින් සැලෙන්නේ නෑ-ජනපති

(ඩයනා උදයංගනී)

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි..

තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා හොරොව්පොතාන ප‍්‍රදේශයේ සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද කියයි.

එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වෙනි සංවත්සර උළෙලට හා එම පරිශ‍්‍රයේ ඉදිකළ නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමිනි.

අනුරාධපුරය හොරොව්පතාන ප‍්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



අදහස් (13)

හූනියම්වලින් සැලෙන්නේ නෑ-ජනපති

thilina Wednesday, 14 June 2017 11:28 AM

ජනවාරි 8 න් පස්සේ රටටම හූනියම් කරලා වගේ තමයි.. රටක ජනාධිපති වරයෙක් මේ වගේ සිල්ලර මාතෘකා සමබන්ධයෙන් අදහස් පල කිරීමත් විහිළුවක්..

:       753       862

nimal rajapaksha Wednesday, 14 June 2017 11:46 AM

මෙවැනි අය තවත් ඉන්නවා කියන එක තමා පුදුමේ.... !!!

:       25       108

දිනේෂ් Wednesday, 14 June 2017 12:17 PM

දෙයියෝ දෙනකොට භුතයෝ ඔරවනවා සර් ...

:       1       76

Gayan Wednesday, 14 June 2017 12:24 PM

ජනාධිපතිතුමනි, කාට කියලද මේ වැඩේ කෙරෙව්වේ?

:       154       46

Nandalal DE SILVA - France Wednesday, 14 June 2017 12:25 PM

ගරු ජනාධිපතිතුමනි, ඒක හූනියමක් නොවෙයි ! එය ඔබතුමාගේ ආරක්ෂාව සඳහා කරපු මන්ත්‍ර ගුරුකමක් කියල දැනට රට පුරාම රාවයක් පැතිර යනවා. ඔය තඹ කොලය අරන්ගිය කෙනාගේ සිහිය විකල් වෙලා දුවද්දී ඒක එතන වැටිලා තිබුනලු. ඔබටත්, අගමැතිතුමා ඇතුළු රජයටත්, තෙරුවන්ගේ ආරක්ෂාවත්, දළදා සමිඳු පිහිටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රැකවරණයත් ලැබෙනවා. ඔබතුමාටත්, රජයටත් වින කිරීමට අර අඳින, තවමත් නිදැල්ලේ සිටින හොරු රංචු අල්ලා නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දීමට දැන් කාල වේලාව පැමිණ තිබෙන බවත් සිහියේ තබාගන්න !!

:       144       274

SL Wednesday, 14 June 2017 01:03 PM

රටට වෙච්ච් ලොකුම හුනියම තමයි!

:       122       81

ishi Wednesday, 14 June 2017 01:03 PM

දක්වන ප්‍රතිචාර වලින්ම පෙනෙනවා සැලිලා ඉන්න බව​. මෙවැනි දෙවල්ද මෙවැනි උත්සව සභාවකදි කතාකල යුත්තේ ... ?

:       251       117

Lapaya Wednesday, 14 June 2017 01:07 PM

රටටම හුනියම වැදිලා තියෙන්නේ... ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි. ඒ නිසා ජනාධිපතිතුමාත් බය නැහැ කියන එකේ වරදක් නැහැ...

:       113       10

saman Wednesday, 14 June 2017 02:22 PM

මේ ආණ්ඩුව තමයි දැනට තියෙන ලොකුම හූනියම.. වෙන කියන්න දෙයක් නෑ...

:       126       9

රජින්ද Wednesday, 14 June 2017 02:47 PM

මේවට කියන්නේ සිත නිවන කතා.. කියලයි...

:       104       8

siri Wednesday, 14 June 2017 07:32 PM

ඒක දැකල තියෙන්නෙත් පත්තරෙන්.දැන් ඉතින් තව ටික කාලයකට ශේප් එකේ ඉන්න පුළුවන් මෙයට.

:       0       0

amali Thursday, 15 June 2017 04:54 AM

මේක තමන්ට තර්ජන තියෙනවා කියල ලකුණු දාගන්න කරගත්තු දෙයක්ද දන්නේ නැහැ.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 15 June 2017 07:48 AM

මුළු රටටම වැදී තිබෙන ලොකුම හූනියම තමා චන්දෙන් පැරදිලා, ආයෙත් බලයට පැමිණ තව තවත්රට හූරා කෑමට දිව ඇදගෙන බලා සිටින ඒකාබද්ද විපක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටින විවිධ චෝදනා වලට මුහුණපා සිටින හොරු රංචු බව කවුරුත් දන්නා දෙයක්..... රජය තවමත් මන්දගාමීවී සිටීම කාගේත් කුතුහලයට පාත්‍රවී තිබෙනවා !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site