(අරුණ ශාන්ත කුමාර, ඡායාරූප හා වීඩියෝ - තිලකරත්න දිසානායක)
වේයන්ගොඩ හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) කාර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් පිරිමි අයෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව වේයන්ගොඩ පොලිසිය කියයි.


COMMENTS
දුම්රිය හරස් මගේ දී අනතුරු වෙන්නේ රියදුරුගේ වරදින්. මොනවා කීවත් එ්ක තමයි ඇත්ත. මොන මනුස්සයාද දෙපැත්ත බලන්නේ නැතුව යන්නේ. එලවන ඕනෙම කෙනෙක් දන්නවා දුම්රිය හරස් මගේ දෙපැත්ත බලලා යන්න ඕනේ කියලා. ගේට්ටු තියෙනවා නම් එක උදව්වක්. එහෙම නැත්නම් ගේට්ටු නැහැ කියලා දෙපැත්ත බලන්නේ නැතුව යන්නේ මොකද? එ්ක රියදුරුගේ වැරැද්ද. රියදුරු හොඳ සිහියෙන් හිටියේ නැත්තම් බලන්නැතුව මරුවෙයි. එ්කත් රියදුරුගේ වරද... මොකද සුක්කානම ගන්න කොට හොඳ සිහියෙන් ඉන්න ඕනේ. කාටවත් බැනල වැඩක් නැහැ මේකට. බල්ලෝ වගේ එලවන්න යනකොට ඔහොම වෙනවා.
පොටෝඑකේ විදියට නම් දෙපැත්ත බලන්න වෙන්නේ රේල්පාර උඩඩ ඇවිත්. එතකොට වැඩේ වෙලා ඉවරයි.
මෙහි හොඳාකාරවම පේනවා වම්පසින් පෙනෙන සංඥා එළි නොදැල්වෙන බව. මෝටර් රථය දුම්රිය මගට ඇතුල් වී මිස දෙපැත්ත බැලිය නොහැකි කන්දක් ඇති ස්ථානයක් බව පෙනෙනවා.. මෝටර් රියක් ඉස්සෙල්ලම බොනට්ටුව පාරට දැමිය යුතුයි. දෙපැත්ත බලන්න නම්.... අර ඉන්දික නම් වැරදි නොකරන රියදුරෙක් විදියට ඉහත අදහස් දමා ඇති අය මෙතනින් ආවත් ඔය වගේ වෙලාවට ඕකමයි වෙන්නේ.