ඩයනා උදයංගනී
හදිසි අනතුරු හේතුවෙන් තුවාල ලබන පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අනතුර සිදු වූ ස්ථානයේ සිට ආසන්නතම රෝහල වෙතගුවන් මඟින් ගෙන යාමට කඩිනමින් ප්‍රතිචාර දක්වන ‘හදිසි ගුවන් හා තාක්ෂණික මුදවා ගැනීමේ පද්ධතියක්‘ මෙරට ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ.
හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන හෙලිකොප්ටර් 08ක් සහ තාක්ෂණික මුදවා ගැනීමේ රථ 25ක් යොදාගනිමින් මෙම සේවාවන් සැපයීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ජර්මනියේ ස්ථාපිත ‘බිජෝර්න් ස්ටෙයිජර් ස්ටිෆ්ටන්ග්‘ නැමති ලාභ නොලබන සංවිධානයක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම ව්‍යාපෘති යෝජනාව සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 190ක් වන අතර, එම මුදල දීර්ඝකාලීන සහන ණයක් වශයෙන් ලබා දීමට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
එම යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ව්‍යාපෘති කමිටුවක් හා සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අත්‍යවශ්‍ය කාලෝචිත දෙයක්
මීට කලින් බොහෝ ඉස්සර කරන්න තිබුණු දෙයක්... නවීන රාජ්‍යක් කරා යාමේදී මේ අංග ඉතා අවශ්‍යයි. මේ පටන් ගැනීම ගැන අපගේ රජය සහ ජර්මන් රජයට ස්තුතිවන්ත වෙනවා. ඉතා ඕනෑකමින් ඉල්ලනවා මේ සඳහා අවශ්‍ය පුහුණුවත්, නඩත්තු කටයුතු උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුවත් ලබා දෙන ලෙස... අපේ මිනිස්සු වැඩ පටන්ගත්තට කරගෙන යන්නවත්, නියම ආකාරයෙන් නඩත්තු කරන්නවත්, වැඩි දියුණු කරන්නවත් නොදන්නකමත්, කම්මැලිකමත් නිසා සැම අංශයක්ම අද වෙනවිට අඩපණව පවතිනවා.
ඉතාමත් හොඳ වගේම, පිං අතේ වැඩක්.. දේශපාලන කෝණයෙන් නොව රටේ මිනිස්සු වෙනුවෙන්..
බලමු අපේ දොස්තර මහත්වරු මේ ගැන මොකද කියන්නේ කියලා...?
මේක දියුණු රටක තිබිය යුතු සේවාවක්... අපි දැන් හිඟාකන ජාතියක්... තවත් මිලියන 190ක ණය අරන් කරන්න අත්‍යවශ්‍ය සේවයක් නොවේ. මේවා ගෙවන්න පරම්පරා ගණනකට සිදුවෙනවා. අනතුර වෙන ඕනෑම තැනක හෙලිකොප්ටර් යානා බාන්න බැහැ. අපේ පාරවල්, සෞඛ්‍ය සේවය දියුණු කරන්න. තව ගිලන්රථ යොදවන්න. දැන් මහා පරිමාණ කොමිස් ගැහුවා ඇති නේද?
ඊට කලින් දුෂ්කර පළාත් වල දුගී දුප්පත් ලෙඩුන් ගේ යහපත තකා පාරක් පාලමක් සහ බර කරත්ත ගිලන් රියක් හෝ ලබා දෙන්නේ නම් අමා මහා නිවන් සුව ලැබෙනවා
මේවා දියුණු රටවල තියෙනවා. මම ඉන්න රටෙත් තියෙනවා . නමුත් මෙඉන් ප්‍රතිලාබය ලබන්නේ තමුන්ගේ අස්වැන්න කැලයට විසිකරන ගොවි මහත්වරුන්ද ? අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නොමැත . සමදෙනම් තමන්ට රිසිසේ පිටරටවල්වලින් ණය ලබාගනී . නමුත් පිටරටවලින් මුදල් අපි උපයන්නට පෙළ නොගැසේ . නමුත් චීනය කලේ එයයි . චීනයේ නිෂ්පාදනය නොකරන දෙයක් නොමැත. ගුවන් හමුදාව මෙයට විකල්පයක් ලෙස යොදාගත හැකිය.
අපි ඉන්න කැලේ ගමට නම් හෙලිකොප්ටර් බාන්න බැහැ. තියෙන ගුරු පාරේ ඩබල් කැබ් වගේ කැලේ යන්න පුළුවන් වාහන වලට විතරයි එන්න පුළුවන්. ලඟම තියෙන පිට්ටනියට කිලෝමීටර් 5ක් දුරයි.
ගුවන් මගින් හෝ අනතුරට පත් වූවන්ගේ ජීවිත බේරා ගැනීම ඉතා හොඳ දෙයක්. ඒක ඒරොප්පේ කොහේ හෝ රටක තියෙනවද කියන එක අදාළ නෑ. ලංකාවේ ඔන් ද ස්පොට් රක්ෂණ වන්දි ගෙවන ක්‍රමය පටන් ගන්න කොට ඒක ආසියාවේ කොහේවත් තිබ්බේ නෑ. ඒ වගේම අනතුරක් සිද්ධ වෙන තැනට හෙලිකොප්ටර් බාන කතාවක් මේකේ නෑ. ඒකට පිට්ටනි වගේ තැන් යොදා ගන්න පුළුවන්. පාරවල් පළල් කරන වැඩේ ප්‍රායෝගිකද කියලා බලන්න තිබ්බා ඒක කරන්න ඉන්න අයගේ ඉඩම් අත්පත් කරන්න ආවොත් පාර පළල් කරන්න.
මෙම ක්‍රමය විශාල රටවල්වලට ගැලපුනට ලංකාවට හරියයිද ? ලංකාවේ ලංගම රෝහලට යන්න හෙලිකොප්ටර් ඕනද ? අනික හදිස්සියකදී හෙලිකොප්ටරයකට පණිවුඩය ලැබිල , හෙලිකොප්ටරය පුළුවන් තැනක බාලා එතැනට ලෙඩා ගෙනිහිල්ල , ලඟම තියන රෝහලට යනකොට බබා හම්බුවෙලා තියෙයි .
ඔය මොනවා තිබුනත් අපටනම් ඉතින් ත්‍රිවිල් එකේ පිහිට තමයි.
මෙවැනි දේවල් පටන් ගන්න පෙර යටිතල පහසුකම් සදා තිබෙන්නේ ඕනේ............. ලංකාවේ මොන රෝහල ළඟද හෙලිකොප්ටර් එකකක් බාන්න පුළුවන්.....හොදම දේ ගිලන් රථ වැඩිකිරීම මිසක් හෙලිකොප්ටර් නොවේ. රෝහල් වල අඩුපාඩු මුලින් බලා ඒ වාට පහසුකම් සලසා දීම මුලින් කර පසුව බලමු මේ ගැන මෑතකදී ශෛල්‍යාගාරයේ අඩක් ඔපරේෂන් කරන විට කඩා වැටුණ මේවා හදන්න මුලින්ම
මේවා සෝභන කතා... විලුඹෙන් ඉහළට මායිම් කරන්න එපා...