චමිල් රුපසිංහ සහ තුසිත කුමාර
මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ තරුණිය සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු ඇය පසුගිය මාර්තු මස 27 දින සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ වාට්ටු අංක 78 ප්‍රතිකර ලබමින් සිටියාය. ඇයට පසුගිය 20 වන දින හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය වැලකී ගියේය.
ඉන් අනතුරුව පසුගිය 27 දින අලුයම ඇයට හදවතක් බද්ධ කළ අතර සැත්කම සාර්ථක බව වෛද්‍යවරුන් තරුණියගේ පියාට පවසා තිබිණි. හදවත් ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගය සුව කිරීම සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය හදවතක් බද්ධ කිරීම බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි.
පෙනහළු වල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍යවීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බව සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර මහතා පැවැසිය.
COMMENTS
අම්මේ, තාත්තේ ඔබ දෙපලගේ රත්තරන් දුවගේ වියෝව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර ඇයට නිවන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.
මේ දරුවාට නිවන් සුව පතනවා. දොස්තරවරු එතන කඹ ඇදපු නිසා පලවෙනි සැරේ ශල්‍යකර්මය කිරීම කල්ගියා. එවැනි බාධාවක් සිදුවෙන විටදී මම දැනගෙන හිටියා මේ දැරිවියට හොඳ නැහැ කියලා.
දැන් ඉතින් ඕකටත් දොස්තර මහත්තුරුන්ට බනියි. මොකද ඉතින් සම හරක් ප්‍රබුද්ධයන්ට මොන හොඳ කරත් පේන්නේ වැරදිම විතරයිනේ...
අනිච්ඡා වත සංඛාරා. පෙනහැල්ල පුරුදු වෙලා තියෙන්න ඇත්තේ අඩු පීඩනයක ක්‍රියාකාරීත්වයට. පීඩනය වැඩි වුණාම ටික දවසක් දරාගෙන ඉන්නැති. ඔය ළමයාගේ උප්පත්තියෙන්ම ගෙනා රෝගී තත්වයක් නේද? බැලුම ඕනෑවට වඩා පිම්බුවහම වෙනදේ.
සුදත්ව දාමු මේ වැඩ අධීක්ෂණයට... මොකද එයා ඔක්කොම දැනගෙන ඉඳලනේ.
මියගිය දැරිවියට නිවන් සුව පතමු.
නවත්තල තියෙන එන්ජින් එකක ඇනයක් වත් ගලවන්න බැරි අය දොස්තරලා වෙයි දැන් . ඊට පස්සේ දොස්තරට පලු යන්න බනියි.
අපි සංසාරේ කරපු අකුසල පඩිස්සන් දීම වෛද්‍යවරුන් කෙසේ නම් වළක්වන්නද, එය කළහැක්කෙන් ඔබටමයි, උපදින සංසාරේ පින් ඇති තැනක ඉපදේවා,
නිවන් සුව අත්වේවා දෝනි! මතු සංසාරෙවත් මෙවන් රෝග පීඩා ඇති නොවේවා !!!
මෙවැනි අකල් මරණයක් මතු ඉපදෙන ආත්මයකදීවත් මේ දරුවට අත්නොවෙවා!!! එමෙන්ම මෙම සැත්කම කිරීමට පෙර රෝහල් සතු ප්‍රමාණවත් පහසුකම් නැති බව වෛද්‍යවරුන් පැහැදිලිව ප්‍රකාශ කලා. පම්පෝරි ගහන ඇමති තමයි මේකට වගකියන්න ඕනෑ.
රත්තරන් චූටි සුදු දුවේ.... ඔබට කරපු මේ ශල්‍යකර්මය සාර්ථකවෙලා සුවපත්වෙන්න කියලා කිසිදා ඔබව නොදැක්ක විදෙස් රටවල ඉන්න අපි ප්‍රර්ථනා කළා. වෛද්‍යවරු ඔබව සුව කරන්න උපරිම වෙහෙස වෙන්නට ඇති. එහෙත් මෙවැනි ශල්‍යකර්මය 100% සාර්ථක වෙන ලෝකයේ කිසිම රටක් නැති බව දනිමි. අද මේ ආරංචිය ලැබුනාම බොහෝ වේදනාවට පත්වුනා. එහෙත් දැන් ඔබ අප අතර නෑ. රත්තරන් දුවට නිවන් සුව අත්වේවා ! මතු සංසාරෙවත් මෙවන් රෝග පීඩා ඇති නොවේවා !!
මේ තමා අපිට ඉන්න දෙවිවරු.... දොස්තරවරු...
දුවේ ඔයාට නිවන්සුව අත්වේවා. මතු උපදින හැම අත්භාවයකදීම ඔබට නිදුක් නිරෝගී සැපම ලැබේවා..!!!