(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර යාපනය මාර්ගයේ හතරැස්වෙල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ තිබී 25 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (13) සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ කවරක්කුලම ප‍්‍රදේශයේ ධනුෂ්ක ධනංජය බංඩාර නැමැති අයෙකු බවත් ඔහුගේ හිස මැද තැලුම් තුවාලයක් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
කිසියම් පිරිසක් විසින් මෙම තරුණයා ඝාතනය කරනු ලැබ මෙම ස්ථානයට මළ සිරුර රැගෙන ආවේද එසේ නැතිනම් දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි අනතුරකට ලක්ව මිය ගියේද යන්න පිළිබඳ සැකයක් පවතින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd