රංජන් කස්තුරි
රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (17) පෙරවරු 8 සිට අනිද්දා (18) පෙරවරු 8 දක්වා දිනක සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
ශ්‍රි ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරන ලෙස බලකරමින් එම වර්ජනය සිදු කෙරෙයි.
නමුත් සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පවත්වන අතර ළමා , මාතෘ හා හමුදා රෝහල් වල වෛ ද්‍යවරුන් වැඩවර්ජනය නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
COMMENTS
ගාල්ලේ පැත්තේ වයිරස් උණකින් කුඩා දරුවන් කීප දෙනෙකුම මරණයට පත්වී සිටින සමයක, මේ අය සිංගප්පුරු වෛද්‍යවරු මෙරටට පැමිණේ යයි පවතින හුබස් බියෙන් වර්ජනය කරනවා.
සිංගප්පුරුවේ වෛද්‍යවරයෙකුගේ අවම වැටුප මාසෙකට ඩොලර් 7000 යි (රුපියල් 800000/- පමණ). විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වැටුප මාසෙකට ඩොලර් 25000 යි (රුපියල් 3000000/-). ඉතින් මෙහෙම ගෙවද්දී එයාල රස්සාවල් කරන්න මෙහෙට එයිද? හැබැයි සිංගප්පුරු වෛද්‍ය බිස්නස් කාරයෝ පුද්ගලික රෝහල් පටන්ගන්න ඉඩ තියෙනවා. එහෙම උනෝතින් අපේ චැනල් දොස්තරලට එයාලත් එක්ක තරඟ කරන්න වෙනවා. එකට භයේ තමයි මෙයාල දැන් ඉඳලම අතපය අඹරන්න පටන්ගන්නේ.
චීනෙට කිසිම වෙළඳ ගිවිසුමක් නැතුව සින්නක්කරව ගාලුමුවදොර හොරෙන් විකුනද්දී ඔය වෛද්‍ය සංගමය කියන එක හිටියේ කොහෙද. වෙළඳ ගිවිසුමක් අත්සන් කලා කියල අහිංසක රෝගීන් මොනවා කරන්නද.
දොස්තරලයි කොන්දොස්තරලයි තරඟෙට වර්ජනේ වගේ, ලංකාවේ "අද දවසේ වර්ජන" කියල වෙබ් අඩවියක් හදල වර්ජන විස්තර දැම්මොත් නරකද?
කාලකන්නි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩත් යු .ආර්.සිල්වාගේ නීති සංගමයත් අතර කිසි වෙනසක් නැහැ ,නියමයි ඔහොම යමු.
මේ ගිවිසුම ගැන කිසිම අදහසක් කාටවත් නෑ. ආණ්ඩුව ඒක ඉදිරිපත් කරන්නෙත් නෑ. මේකට වෛද්‍ය වර්ජන කරන එක තේරැමක් නෑ මහජන විරෝධතා මැද. මෙහි ජනතාවට යම් හානියක් වුනොත් ඒක වෛද්‍ය වරැන්ට පමණක් නොවෙයි රටටම බලපායි. මොකද ආණ්ඩුව මෙතනදී විනිවිදභාවයකින් කටයුතු කරන බවක් පේන්නෙ නෑ. අර මහ බැංකු කේස් එක වගේමයි. හැබැයි එතකොට පරක්කුයි කියයි.
වෛද්‍යවරුන් විතරක් නොවෙයි හඬක් නැගිය හැකි සැම වෘතිකයකුම රටට වින කරන මේ ගිවිසුම් වලට විරුද්ධව නැගී සිට රටේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි
රටට බරපතල අවාසි සිදුවේ නම් සියලුම වෘත්තියවේදීන් විරුද්ධවීම සාධාරණයි. රජය මෙම ගිවිසුම රටට හෙලිකල යුතුය.
ජය වේවා වෛද්‍ය වරුනි. කොහොම හරි ඕක අවලංගු කරන්න. රටට වින කරන ඔය ගිවිසුම කොහොම හරි අහෝසි කරලා දාන්න. අපේ පුර්ණ සහයෝගය ඔබලාට. ලක්ෂ 62 ට නම් ඔය ගිවිසුම කොහොම උනත් කමක් නැතිවෙයි. ඒ ගොල්ලන්ට රට තිබුනත් එකයි නැත්ත එකයිනේ බඩ පිරෙනවානම් එච්චරයිනෙ.
හැම වැඩක් ම අවුල් කිරීමේ කොන්ත්‍රාත්තුව මේගොල්ලෝ මේ කරන්නේ.
ඒ කාලේ හිටිය බලු කුක්කෝ දැන් සිංහයෝ වෙලා වගෙයි
රටේ සිඝ්‍රයෙන් වැඩිවෙන ජනාහනය වර්ධනය නතර කිරීමට මෙවන් වර්ජන අඛණ්ඩව මාසයක් වත් සිදුකිරීම ඉතාම කාලෝචිතයි.
අපේ වෘත්තීය වේදීන් තමන්ගේ වෘත්තියේ පෝ්ෂණය වෙනුවෙන් වැඩ වර්ජන කරනවාද දොස්තරලා - වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරන්න වර්ජනය කරනවා - අදාල නැති වෙඳොමක් ගැන කතා කරනවා ගණගාධීකාරිවරු, ව්‍යාපාරිකයෝ එවා ගැන සද්ධයක්වත් නෑ..ඒ හානියක් නොවන නිසානේ.. හාමුදුරුවරු දේශපාලනය කරන්න යනවා.....ජාතිවාදය අවුස්සනවා.. අධ්‍යාපනඥයෝ අධ්‍යාපනය ගැන කතාවක් නෑ...මේ එකෙක්වත් තමන්ගේ වෘත්තීය සංවර්ධනය ගැන කතා කරනවද..ඒවා විනාශ කරන්න තමයි කතා කරන්නේ..වැඩිම වශයෙන් දෙස්තරලා..අදාලම නැති ඒවට වර්ජනය කරන්නේ..මේ හැමෝම හැබැයි නිදහස් අධ්‍යපානය ලබපු අය..
මට හිතෙන්නේ ලෝකයේ ස්ට්‍රයික් කරන දොස්තරලා ඉන්නේ මේ සිරි ලංකාවේ පමණක් බවය.
දොස්තරලා හදන්නේ රජය තර්ජනයට ලක්කරලා ... මෙයාලට ඕන ..ඕන නැටුම් නටන්නයි .