(රංජන් කස්තුරි)

හෙට (22) පෙරවරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී බොහෝ දුරට මුදල් අමාත්‍ය ධූරය මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු ඇමැති ධූරය රවී කරුණානායක මහතාටත් හිමිවීමේ ඉඩකඩක් පවතින බව රජයේ ඉහළ ආරංචි සඳහන් කරයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ ඇමැති ධූරවල වෙනසක් සිදුවන නමුත් මෙතෙක් එජාපයට හිමි ඇමැති ධූර එම පක්ෂයේම කෙනකුටත් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ එම පක්ෂයේ ම ඇමැතිවරුන්ටත් හිමිවනු ඇතැයි රජයේ ආරංචි කියයි.