බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව වෙරළ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක දී පැවති සුපිරි සාදයකට සහභාගී වී හදිසියේ අසාධ්‍ය වී පානදුර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොතුහැර පදිංචි 28 හැවිරිදි පුද්ගලයා අද (6) දහවල් මියගිය බව වාද්දුව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුවැන්නත් මරුට කිව්වට හේතුවක්නම් මේ කපේදී හොයාගන්න එකක් නැහැ. ප්‍රමිතියක් නැති හෝටල් මොනවහරි ජරාවක් දෙන්න ඇති. සල්ලි වලට ඕනෙම දෙයක් යට ගහන්න පුළුවන් නිසා දැන් ඒ ඒ අයම මැරිලා කියයිද දන්නැහැ?
කුඩුද? එහෙමයි කියලා ඔප්පු වුනොත් සල්ලිත් දීලා ඉල්ලන් කන්නේ ඇයි කියන එක මේ වගේ පාටිවලට යන්න ඉන්න අනික් අයත් තේරුම් ගන්න. විකුණන අයට මුකුත් වෙන්නේ නැහැ ඕවා ගන්න අයට තමයි තට්ටු වෙන්නේ.
සාද, උත්සව පැවැත්වීම සහ එයට සහභාගිවීම මිනිසුන්ගේ මුලික අයිතියක්. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මෙම සිද්ධිය අප වෙත සංනිවේදනය කරන්නේ කුමක්ද? තරුණ ජනයාගේ සමුහගත වීමේ කැමැත්ත මුදල් පසුපස හඹා යන නරුමයින්ගේ කුරිරු ව්‍යාපාරයක් වී ඇති බවය. මත්පෙති, මත්වතුර සහ අනෙකුත් අසම්මත දේවල්වලින් තරුන්‍ය මුසපත් කිරීමය. 1400ක් පමණ මිනිසුන්ට එක ශාලාවක් තුල ගැවසීමට තරම් පහසුකම් සපයා නොමැති බව වාර්තා වෙයි. නව තාක්ෂණයේ අනියම් පලයක් ලෙස මුළු ගැන්වෙන මෙම සාද නීතියෙන් ආවරණය කල නොහැකිය. එහෙත් මෙවැන්නක් ගැන සොයා බැලීමක් කිරීමට ප්‍රදේශයේ පොලිසියට අපහසුවක් නැත. දිගින් දිගටම මුහුදුබඩ ප්‍රදේශවල මෙවැනි මෘග සාද පැවැත්වෙයි. තරුණ ජනයා මත පෙත්තේ ආහ්ලාදයෙන් සැනසෙති. වැනසෙති. වසංගතයක් ලෙස පැතිර යන මෙම විනාශය පාලනයකට ලක් කල යුතුය. මෙය සංවිධානය කර ඇත්තේ විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු බව පැවසෙයි. එබැවින් පළාතේ පොලිසිය මුනිවත රැක්කා විය යුතුය. මුළු තරුණ පරපුර වැනසී යන්නට පෙර මේ විනාශය නතර කල යුතුය.