(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඇතුළු හය දෙනාට ඇප නියම කිරිමට ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන වසරේ ජනවාරි 9 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (7) නියම කළේය.
පසුගිය සමයේ කොළඹ ප‍්‍රදේශයේ සිටි ළමුන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි ඔවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
පෙත්සමකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් පසුගිය යුද සමයේදී නාවික හමුදාවේ සේවය කළ අය බවත් මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ පසුවන හෙයින් මෙම පෙත්සම ඉතාම කෙටි දිනයකදී කැඳවන්නැයි ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ රිමාන්ඩ් රිමාන්ඩ් කරපු එක අතුරුදහන් කරපු එකට වඩා.....
ඇප අයැදුම පිළිබඳ තීරණය දිගින් දිගටම කල් දාන්නේ දේශපාලන බලපෑමකට බවයි පේන්නේ...