(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 2 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.
ලලිත් වීරතුංග මහතා ගොනු කළ එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථාවවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.
තම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් ජනවාරි 29 වැනි දා මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා තමන්ට විදේශ ගතවීමට අවසර දෙන ලෙසද ලලිත් වීරතුංග මහතා සිය ප්‍රතිශෝධන පෙත්සම මගින් ඉල්ලා ඇත.
COMMENTS
මේ මහජන මුදල් කෝටි ගනම් කොල්ල කාපු අයට කිසිම බුරුලක් දෙන්න එපා.මොකද මේවා රුපියල් සත නෙමෙයි .කෝටි ගනම් මහජන මුදල්.ගමේ අහිංසකයකුට නම් රට යනවා තියා ගෙදර අයට බලන්නවත් බැහැ. හිරේ විලන්න්ගුවේම තමයි.යහපාලනය කියන්නේ මේකද?
මේ අයට මේ කොල්ලකෑම් වලට අණදුන් දේශපාලකයන් මේවට වගකිව යුතුයි.
මෙයට එළියේ ඉන්න දුන්නහම දැන් අයෙමත් ගුවන් චාරිකා , ඇඟිල්ල දන්නා දුන්නහම ඔලුවත් දන්නා හදනවා කියන්නේ මේවට තමයි.