නිමන්ති රණසිංහ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින ලද නාවික හමුදා නිලධාරින් සම්බන්ධයෙන් වාර්තා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නොමැති බව නාවික හමුදාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය.
මොහොමඩ් වසිම් තාජුදින්ගේ ඝාතන සිද්ධියට අදාළ කැඳවු අවස්ථාවේ දී නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා මෙම කරුණු අධිකරණයට අනාවරණය කළේය.
එසේම නාවික හමුදාපතිවරයාගෙන් අදාළ වාර්තා නොලැබීම නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාදයට හේතුවක් බැවින් ඒ සඳහා ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නීතිපතිට නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව ඇප සිටින නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික,හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර යන අය අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තා නැතිවුනත් නාවික හමුදාපතිට නම් ටික කටපාඩම් ඇති.
අහන්න දෙයක්ද? ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටනක් ආරම්භ කර ත්‍රස්තවාදී නායකයා මරාදැමීම.... ඒ නිසා ඔහුගේ පවුල කුමන අාරක්ෂාවක් දී මොනක්‍රමයෙන් හෝ බේරා ගතයුතුයි. ඒකට කව්ද සිටියේ කොපමණ සිටියාද කියන එක අපිට ප්‍රශ්නයක්...
හොයාගන්න බැහැ කියන එක නිදහසට කරුණක්ද? කොහේ විනයක් නැති නමුත් හමුදාවක රාජකාරී සිද්ධ වෙන්නේ නිසි විනයක් හා නීති මාලාවක් යටතේයි .. එය එලෙස ඉටුවී නැතිනම් කර තිබෙන්නේ මේ සිද්ධියට අවශ්‍ය සාක්ෂි හිතාමතාම විනාශ කිරීමක් ..
මේක නම් බොරුවක්. හමුදා නිලදාරීන් සේවයේ යොදවනවිට ලොග් සටහන් තැබීම සිරිතක්. යුද්ධයකදී වුවත් හමුදා සාමාජිකයාට වුනදේ සොයන එක සාමාන්‍ය සිරිතක්. පහුගිය කලේ යුද්ධයෙන් අතුරුදහන් වූ හමුදා සාමාජිකයින් ගණන නිශ්චය කලේ කොහොමද?
ඕකෙන්ම තේරෙනවනේ... මේක රජ පවුල ආරක්ෂා කළ අයවලුන් ලවා කල මිනීමැරුමක් කියලා...