IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව නඩු විභාගය කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය.

ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම මගින් උපයාගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. 

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙන්වෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියහ.
 



අදහස් (9)

හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව නඩු විභාගය කල්යයි

siri Friday, 15 December 2017 10:04 AM

නඩු කල්යනවා කියලා කොට්ටේ මාරුකලා. එ්ත් තවම ඔළුවේ කැක්කුම නැතිවෙන පාටක් නම් නෑ වගේ.

:       1       16

පිටිගල මිලානෝ Friday, 15 December 2017 10:16 AM

නායකයෙක් නැතිකළ තවත් දෙයක්...!!!

:       0       7

kumara Friday, 15 December 2017 11:17 AM

ඔබතුමාලා බය වෙන්න එපා.. මේ කට්ටිය කවදාවත් ඇතුළට නම් දාන්නේ නැහැ. මහජනතාව රැවටීමම තමයි කරන්නේ...

:       0       34

Bamunuarachchi Friday, 15 December 2017 02:23 PM

ඔය අල්ලස් ගත් පොලීසියේ තිදෙනෙක් රිමාන්ඩ් කියලා තිබෙන්නේ... ඉතින් මේ ගොල්ලන්ගේ නඩු අහන්න වෙලාව කොහෙන්ද? මේ රටේ ඔයගොල්ලෝ හරි ලක් කාරයෝ නේද?

:       0       12

de silva Friday, 15 December 2017 07:37 PM

නඩුව අහල වැරදි කාරයා වුනත් දඩය රුපියල් 1000 නේ , අර මෙයාලගේ පරණ සගය කලා වගේ ඕක ගෙවල ගෙදර යාවි , ලංකාවේ හොරකම් කරනවා නම් කෝටි කිහිපයක් ජනතා මුදල් හොරකම් කරන්න ඕනේ , එතකොට දඩය 1000 යි , අඹ ගෙඩියක් පොල්ගෙඩියක් හොරකම් කරලා අහුවුනොත් මාස 3 විතර හිරේ යන්න වෙනවා , බලාගෙන ගියහම "රන්ජගේ "කටේ මසුරන් දමන්න වටිනවා

:       0       5

සෙනෙවි Saturday, 16 December 2017 12:08 AM

රන්ජන් ඔබ උගතෙකු නොවේ ඔබ‍ගේ වාග් ප්‍රහාරය නිසා භුමිතෙල් ගෑ ගැරඬන් ලෙස හැසිරුන ආකාරයෙන් සියල්ල වැටහේ

:       0       0

Tissa Saturday, 16 December 2017 07:34 AM

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඕක සාගලට කිව්වා නම් යටටම ගහලා දාවිනේ....

:       0       0

sunil Saturday, 16 December 2017 01:26 PM

බිය නොවන්න. ඊට පසු ඒක නැතිවම යාවි.

:       0       0

සුනිල් පුෂපදාන Saturday, 16 December 2017 05:08 PM

හැබැයි පුතෝ මෙයාලා බලයට ආවොත් මෙයලව කොනිත්තපු අයගේ නඩු අහන්නේ දින 2 යි. අද නඩු.. හෙට සාක්ෂි සටහන් කලා හවස ජම්පරේ ඇන්දුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site