(උපාලි ආනන්ද)
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප‍්‍රබල සාමාජිකයෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව අධිකරණය පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණ හිටපු විනිසුරු මහේෂ් වීරමන් මහතා අද(04) ප්‍රකාශ කළේය.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු කළ පාපොචිචාරණය අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගමිපහ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නිත්‍යානුකූල බවට මීට පෙර ප්‍රකාශ කළාය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධි චෝදනා ලබා සිටින කොටි මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබලයින් දෙදෙනා ලබන මේ මස 25 දක්වා තවදුරටත් රිමාන්ඩ් කෙරිණ.
2000 වසරේදී තලාව වීරවැව ප්‍රදේශයට කඩාවැටුණු මෙම යානයේ සිටි රුසියානු ගුවන් නියමුවකු ඇතුළු 32 දෙදෙනෙක් මරණයට පත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා යුද අපරාද නොවෙයිද,
කොටි එහෙමත් නරක වැඩ කරාද? වෙන්න බෑ
ඊයේ ජර්මනියේ බෝම්බයක් අටවන්න උත්සහකරපු අයි එස් අයි එස් එකේ සාමාජිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්න ,මෙයාට දවස් දෙකක් දීල හිටන් ගෙදර යවයි ද දන්නේ නැහැ.