(නිමන්ති රණසිංහ)
හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශට එරෙහිව අල්ලස් කොමිසම අද(9) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
එසේ අල්ලස් කොමිසම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ නඩු පවරනු ලැබුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරී තනතුරට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පොළඹවා අල්ලස නමැති වරද කළැයි යන චෝදනාව යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු නම් දානවා.. කවදාවත් වැරදිකරුවෙක් වෙන්නේ නෑ. අාපහු පාරක් ඇමතිකමක් අරගෙන ලස්සනට වැඩේ කරගෙන යයි.
මිනිබිරියට කෝටි තුනකට වඩා වටිනා බෙන්ස් කාරයක් උපන්දිනයට තෑගි දුන්නේ කාගේ මුදලින්ද කියලා හොයල බැලුවොත් හොඳයි...
තෝරු, මෝරු නිදහසේ පීනනවා. මාස ගණනකට හෝ වසර ගණනකට පස්සේ, හාල්මැස්සෙක් අල්ලලා කූඩු කරනවා දවස් දෙක තුනකට පමණ. ඊට පසුවදා, හාල් මැස්සා ඇප ලබාගෙන නිදහස් වී සිය මාලිගාවට ආපසු එනවා. නඩු විබාග කවදා ඉවරවේවිද? සිපිරි ගෙට ගියපු කවුරුවත් ගැන අහලවත් නැහැ. මෙහෙම තමා අපේ ගම්බද කවි කොළකරුවෝ කවි පටන් ගන්නෙත් : "සකල සිරින් පිරි සිරි ලංකාවේ......"
කෝටි 4 ක වාහනයක් පළවෙනි උපන්දිනයේදී තෑගි කළ මේ මහා දානපතියා ගැන කියන්ට තියෙන්නේ ඔය චුටි වැරැද්දද? ඔය නඩුවට මොකුත් වෙන්නේ නැහැ. ජයරත්න මහත්තයෝ බිය නොවන්න.