(අමල් වික්‍රමරත්න, ජේ.කේ.එල් චාමින්ද සහ ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර (31) නමැති පුද්ගලයකු අද (22) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර 2008 වසරේ සිට සේවයට වාර්තා කර නොමැති පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
මොහුට වෙඩි වැදුණු අවස්ථාවේ ගිනිඅවි දෙකක් ද මොහු ළඟ තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මොහු මිනීමැරීම් 3ක් පිළිබඳව චෝදනා ලබා ඇත්තෙකු බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳ හික්කඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
අපොයි ! පාතාලයයලි හිස ඔසවලා මේක මර්ධනය කරන්න යහාපාලන පාලකයන්ට බැහෑ වහාම රජුරුවන්ව බලයට ගේන්න ඔනා.නෑත්නම් රට විනාශයී.
ඇත්තටම මෙතන වුනේ වෙඩි තැබීමක් නෙමෙය් ..වෙඩි තියනකොට ඒ මනුස්සය එතන ඉඳල තියෙනවා..එච්චරයි
අර කව්ද "කලවැද්දෙක් "කියලා තිබුණා නේද මේවගේ "හොඳ වැඩ" අඩුවෙලා කියලා. "වෙන කොහෙන් හරි වෙන්න ඇති වචන පිටකරන්න ඇත්තේ නේද?
ගිය ආණ්ඩුව කාලේ නම් මේවගේ දේවල් සිදු වුනේ නැහැ. හපොයි !!
තඹ සතයක් නොවටිනා ආණ්ඩුවට කඩේ කෙනෙක්
අවි ගත්තෝ අවියෙන්ම නසියි.