වියට්නාමයේ දකුණු හා මධ්‍යම ප්‍රදේශවලට  බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් 20ක් පමණ අතුරුදන් වි ඇතැයි වාර්තා වේ. 
 
ඩම්රි නමින් හඳුන්වා ඇති මෙම කුණාටුව මගින් පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් සුළං හමාගිය බව වාර්තා වී ඇත. 
 
නිවාස 40000ක් පමණ විනාශ වී ඇත.බොහෝ පිරිසක් අවතැන් වී ඇති අතර විශාල ප්‍රදේශයක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වේ. මෙම සතියේ එපෙක් සමුළුව පැවැක්වීමට නියමිත ඩා නැන්ග් නගරයට කිලෝමීටර් 500ක් පමණ දකුණින් පිහිටි නා ට්‍රැංග් නගරයට සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුව ඇත.
 
මෙය වියට්නාමයේ පසුගිය දශක කිහිපය තුල ඇතිවූ ප්‍රබලම සුළි කුණාටුව බව පැවසේ.
 
(බීබිසී පුවත් ඇසුරිණි - 085)