ඉන්දියාවේ මුම්බායි නුවර ජනාකීර්ණ පෙදෙසකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් මතට යානය කඩා වැටී ඇති අතර යානයේ සිටි හතර දෙනකු ද එය කඩා වැටුණු ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නියමුවා විසින් යානය ගොඩබැස්වීමට උත්සාහ කරන අවස්ථාවේ කඩා වැටී ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
යානය කඩා වැටුනු විගස ගිනිගෙන දැවුණු බව පැවසේ. යානය පෞද්ගලික අයිතිකරුවකු සතු එකක් බවද පොලිසිය පවසයි.
(බීබීසි ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd