IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක්

(විනීතා එම් ගමගේ)

සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති අතර එහි පවතින පරිසර පද්ධතිය තුළ අලියා සුවිශේෂි සත්වයෙක් ලෙස සැලකේ. 

රට අභ්‍යන්තරයේ ඇති ලෝක උරුම භූමියක සිදුවන සියලූ නීති විරෝධී කටයුතු වැලැක්වීමට ද රජය බැඳි සිටියි.

ඒ පිළිබඳව යුනෙස්කෝ සංවිධානය නිරන්තර අවධානයෙන් පසුවේ. 

එහි වෙසෙන අලියෙකු රත්නපුර ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට  පහර දීමේ සිද්ධියක් හේතුවෙන් එහි වෙසෙන අලි දෙදෙනාම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට වන ජීවී අමාත්‍යංශය යෝජනා කර ඇති අතර යුනෙස්කෝව මෙම ඊමේල් පණිවුඩය එවා ඇත්තේ එම තීරණය සම්බන්ධයෙනි. 


කෙසේ වෙතත් එම අලින් දෙදෙනා ඇල්ලීමේ කටයුත්තට පශූ වෛද්‍යවරු කිසිවෙක් සම්බන්ධ නොවන බව පශූ වෛද්‍යවරුන්ගේ සංගමය දන්වා ඇත. 


සිංහරාජයේ වෙසෙන අලින් දෙදෙනා පැවැත එන ජාන ගොනුව අනෙක් අලින්ට වඩා වෙනස් වන බැවින් ඔවුන් ගෙන ගොස් රැු`දවුම් මධ්‍යස්ථානයක රැඳවීමෙන් එම සතුන්ට හානි විය හැකි බව පරිසරවේදීන් රැසක් ද පෙන්වා දී තිබේ. 

අතිශයින් සංවේදී සත්වයෙක් වන අලියා ඇල්ලීම හා දුරබැහැර ප‍්‍රවාහනය කිරීම අතිශයින්ම එම සතුන්ට වේදනාකාරි වේ. ඔවුන් ප‍්‍රවාහනයේ දී මිය යාමේ ප‍්‍රවනතාවක් ද පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ද ජනාධිපතිතුමන්  වෙත ලිපියක් යවමින් දන්වා ඇත.



අදහස් (8)

සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක්

kumar (Guls) Thursday, 14 June 2018 10:48 AM

සිංහරාජ වනේ විනාශ කරන එක නතර කරනවා වෙනුවට, අතීසාරෙට අමුඩ ගහන වැඩ තමා යෝජනා කරන්නේ.

:       0       0

දිමුත් Thursday, 14 June 2018 10:51 AM

මේ රටේ දේශපාලකයන්ට අපේ උරුමයන් ගැන කිසිම හැඟීමක් නැහැ. ඉන්න ටිකේ වටිනා සම්පත් පවා විනාශ කරලා පරම්පරා ගාණකට හරිහම්බ කරගන්නයි බලන්නේ...

:       0       0

naradha Thursday, 14 June 2018 10:54 AM

අලි පහර දී මිනිසුන්ගේ ජීවත්වීමට ඇති උරුමය නැතිවෙනකොට, ඔය යුනෙස්කෝ සංවිධානය සහ පරිසර සංවිධාන එනවද ඒ අහිංසක මිනිසුන්ගේ උදව්වට? මේ අලින් අල්වා උන්ගේම ආරක්ෂාව සඳහා හොරොව්පතානට ගෙනයාම, මේ අලින් මහා දුරක් ප්‍රවාහනය කිරීමක් නොවේ. එම නිසා, මා සිතන්නේ මෙහිදී වන ජීවී අමාත්‍යංශය ගත් තීරණ නිවැරදිය කියයි.

:       420       72

nuwanThursday, 14 June 2018 11:52 AM

අලින්ගේ ජීවත් වීමේ ඉඩ කඩ මිනිස්සු අහුරනකොට, උන්ගේ වනාන්තර මැද හේන් කොටනකොට අලි මිනිස් ගැටුම ඇති වෙනවා.

:       1       31

kavindi Thursday, 14 June 2018 04:29 PM

මහත්තයෝ අලි ඉන්නේ උන්ගේ නිජ බිමේ. මිනිසා කියන නරුම සතා තමයි අලින් ඇතුළු වන සතුන්ගේ නිජබිම් කොල්ල කැවේ. වන සතුන්ටත් අයිතියක් තියෙනවා උන්ගේ නිජබිම් ආරක්ෂා කරගැනීම සඳහා සටන් කිරීමට...

:       1       23

rocky Thursday, 14 June 2018 11:34 AM

මේක යකාගේ කතාවක්නේ. වල් අලින්ට අසරණ මිනිසුන්ව මරා දමන්නත්, ඔවුන්ගේ ගොවිතැන් පාලු කරන්නත් ඉඩ දෙන්න කියලද කියන්නේ.... අපට අලින්ගෙන් ඇති කිසිම වැඩක් නැහැ. මේ රටේ දුප්පත් ගොවි ජනතාව වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක්. පළමුවෙන් මිනිස් ජීවිත ගැන සැලකිය යුතුයි. ඔය එක අලියෙක්වත් දේශපාලකයන්ට ඡන්දෙ දෙන්නේ නැහැ නේද?

:       0       28

Samathasena A . Aluthgama Thursday, 14 June 2018 04:49 PM

මිනිසා අලියා සිටින වනාන්තරයට ගිහින් එම කැළයට ඔප්පු හදාගෙන පදිංචි වුනා මිසක් අලියා මිනිසා සොයා අවේ නැහැ. මිනිසාගේ පරම්පරා කිහිපයක කාලයක් ජීවත්වෙන මේ අපුරු දඩබ්බර දැවන්තයාට ඒ සතාගේ වනය අහිමි නොකළ යුතුයි. මේවා අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ දැවැන්තයන්ට හොඳින් මතක තමන්ගේ නිජ බිම් එලි පෙහෙළි කොට ජනාවාස ඇතිවී තිබෙන විට ඔවුන් චණ්ඩ වෙනවා. මේ දැවැන්තයන්ට අයිති ඔවුන්ගේ වනය ඔවුන්ට රැකදීම අපගේ වගකීමයි.

:       0       115

ලුම්බිණි Friday, 15 June 2018 01:31 AM

මිනිසුන්ට වන සතුන්ගෙන් වෙන අසාධාරණ වලට කටයුතු කිරීමට හැකියාව මිනිසුන්ට තිබුනත් වන සතුන්ට වෙන හිරිහැර වලට විරුද්ධව කටයුතු කිරීමට හෝ පැමිණිලි කිරීමට එම සතුන්ට නොහැක. එම නිසා මෙම සතුන් අයින් නොකර මෙම අලි දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කල යුතුයි. මීට වසර කීපයකට පෙර සිංහරාජයේ හිටපු එක ඇතෙක් මරපු හැටි මතක නේද?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site