සිංහරාජ රක්ෂිතයේ සිටින දුර්ලභ අලි දෙදනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස වන නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා තිබිණි.
එම දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.
COMMENTS
ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරගෙන සිංහරාජය තවත් විල්පත්තුවක් කිරීමට කව්රුන් හෝ උත්සහ දරා ඇති බව තමයි පෙනී යන්නේ.
පළමුවෙන් හිතන්න ඕන අපි වල් අලින්ව රකිනවද නැත්නම් මිනිස් ජීවිත රකිනවද කියලා, අලින්ට අසරණ ගොවියන්ට අලාභ පාඩු කරන්න ඔවුන් මරන්න කෙසේ වත් ඉඩ තැබිය යුතු නැහැ!
මේවා වෙන්නේ මේ රටේම විතරයි. වනයේ ඉන්න සත්තුන්ගෙන් එම වනය වනසන ජාවාරම්කරයින්ගේ උවමනාවට හා දේශපාලන හයියට අර අහිංසක සත්තුන්ව බලහත්කාරයෙන් අනාථයින් කරවලා යවන්න හදනවා. ඒ සත්තුන්ගේ ජීවිතයට ඔය ජාවාරම්කාරයින් නිසා අනතුරක් වියහැකිනම්, වහාම ඒ ජාවාරම්කාරයින් වටලන්න හදන්නේ නැතුව අර සත්තුන්ව අල්ලන්න තීරණය කරපු කෙනා ගැන ඇත්තේ දැඩි පිළිකුලකි.
පරිසර හිතකාමී මේ තීරණයට ජනාධිපති තුමාට ස්තුති වේවා.
අලියන්ට වනයේ ඉන්න දෙන්න ඔබ වනයට නොයා ඉන්න ගෙනාපු කඹ අවුරුද්දට කඹ අදින්න ගන්න
නගර මැද්දේ තිබෙන සෙවන දෙන ගස් කපල දාල එක සංවර්ධනය කියනවා, අරහෙන් ඉවක් බවක් නැතිව වන්නන්තර සංහාරය කරනවා, ජාල උල්පත් සිදී යනවා, පාර දෙපස සෙවන දෙන ගස් කපනවා, මුන්ට මාරයා වැහිලාවත්ද?
රජය විරෝදි සටන් කරුවන් රැකවරණය ලබා ගත්තේ මෙහි සැඟවී සිටය එනිසා මේ මහා වනය එලි කලයුතුය. තේ වගා කල යුතුය. එවිට සැඟවීමට බැරිය
බලන්නකෝ මේ මිනිස්සු කිව්වට අපේ ජනාධිපතිතුමාට රට සංවර්ධනය කරන්න වෙලාවක් තියෙනවද මේ අලි ප්‍රශ්න නිසා? දෙපර්තමේන්තු අමාත්‍යංශ ගණනාවක් තිබුනත් මේවගේ වැඩක් කරගන්න දැනුම තියෙන එක්කෙනෙක් නැහැනේ. අලි දෙතුන් සීයක ප්‍රශ්නයක් උනානම් ඉන්දියවේ ජනාධිපතිටත් එන්න වෙනවා.
ඇති යන්තම්
සිංහරාජ වනාන්තරය අවට සිටින ජනතාව බහුතරයක් අලින් වෙන ප්‍රදේශයකට ගෙනයනවාට විරුද්ධයි. ජනපති තුමාගේ තීරණය පැසසුම් කටයුතුයි. නමුත්, අලි ගෙනයාමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පශු වෛද්‍ය ඒකකයක් සමග වනජීවී නිලධාරින් විසින් රක්වාන ප්‍රදේශයේ තවම (15 වනදා උදය වනවිටත්) ක්‍රියාත්මක වන බව එම ප්‍රදේශයේ ජනතාවගෙන් වාර්තා වෙනවා. එම නිලධාරීන් පවසන්නේ, මෙහෙයුම නැවත්වීමට වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගෙන් තවම ඔවුන් හට උපදෙස් ලැබී නැති බවයි. කොළඹ ආරංචි මාර්ග වලින් දැනගත් ආකාරයට, වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට තවම ඒ පිලිබඳ ජනපති උපදෙසක් නිසි පරිදි ලැබී නෑ. ආරංචි මාර්ග අනුව, ජනාධිපති උපදේශය ගොස් ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. වන ජීවී දෙපාර්තමේන්තුවට නොවෙයි. මෙය වහාම නිවැරදි කලයුතුයි. එමෙන්ම, ලැබෙන ආරංචි අනුව, වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මයා, ජනපතිගේ තීන්දුවට අකමැතියි ලු. කෙසේ වෙතත්, ජනපති නියමය ක්‍රියාත්මක කර, එම අලින්ට සිංහරාජයේ සිටීමට ඉඩ දියයුතු බව බහුතර ජනතාවගේ මතයයි.
හොඳ දෙයක් කරලා තියෙන්නේ.