(ඉන්දිකා රාමනායක)
අවතැන් වු ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදාවෙන් 800ක භට පිරිසක් සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 7ක් අද(26) පස්වරුව වනවිට යොදවා ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
ගුවන් හමුදා යානා අතර එම් අයි 24 හෙලිකොප්ටර් 2 ක්, බොල් 212 හෙලිකොප්ටර් යානා 3 ක්, බෙල් 412 හෙලිකොප්ටර් යානා බී 200 බීච් ක‍්‍රාෆ්ට් යානයක් ද වන බව ගුවන් හමුදාව සඳහන් කරයි.
මේ අතර අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා දකුණු හා බස්නාහිර පළාත්වලට නාවික හමුදාවේ භටයින් 179ක් සමග ඩිංගි බෝට්ටු 22ක් ද යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවසීය.
භට පිරිස් ප්‍රවාහනය සඳහා දිය හා ගොඩ බිමේ ගමන් කළ හැකි සන්නද්ධ රථ හයක් ද යොදවා ඇත.
දකුණු පළාත් කණ්ඩායම් 11ක් සහ බස්නාහිර පළාතට 17ක් වශයෙන් කණ්ඩායම් යොමුකර ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
නාවික හමුදාවෙන් පමණක් මේ වනවිට දකුණු හා බස්නාහිර පළාත්වලින් 621 දෙනකු බේරාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහන සලසන්න ත්‍රිවිධ හමුදාවම සීරුවෙන්