(මනෝප‍්‍රිය ගුණසේකර)
බුත්තල දුටුගැමුණු පාසලේ ඉගෙනුම ලබමින් සිටින බාලවයස්කාර සිසුවකු පාසලෙන් ඉවත් කරගැනීමට දරුවාගේ පියාට බලපෑම් කළැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වැල්ලවාය මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (22) නොතිසි නිකුත් කළේය.
එම සිසුවා පාසලෙන් ඉවත් කරගන්නා ලෙස බලපෑම් කර සිසුවා අපහසුතාවයට හා වෙනස් සැළකීමට ලක්වීම යෝග්‍ය නොවන බව මහෙස්ත‍්‍රාත්වරයා නියම කර තිබියදීත් සිසුවා පාසලෙන් ඉවත් කරගන්නා ලෙස විදුහල්පතිවරයා තමාට බලපෑම් කළැයි දරුවාගේ පියා මහෙස්ත‍්‍රාත්වරයාට කළ දැනුම් දීමකට අනුව එලෙස නොතිසි නිකුත් කළේය.
බුත්තල දුටුගැමුණු පාසලේ විදුහල්පතිවරයාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නිකුත් කළ නොතිසිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා බුත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.
යම් සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට මෙම සිසුවා ඉදිරිපත් කෙරුණු අතර එම සිද්ධියෙන් පසු සිසුවා පාසලෙන් ඉවත් කරගන්නා ලෙස විදුහල්පතිවරයා විසින් දරුවාගේ පියාට බලපෑම් කරනු ලැබ ඇති බව මීට පෙර අවස්ථාවකදී අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා ඉවත් කරගන්නැයි බලපෑම් කළ විදුහල්පතිට නොතීසී