(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගිරිබාව පොලිස් වසමේ සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂාණි නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තම පුතා එල්ලා මැරුවාට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප්‍රකාශ කරන බව කියා ලියුමක් ලියූ එම සැකකරුගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස ඊයේ (11) මෙහෙණි සසුනට පිවිසුණාය.
“මෙහෙණි සසුනට එක්වූ මට අවස්ථාවක් ලබාදුන්නොත් මධුෂාණි දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරනවා.
ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුවුණේත් මගේම දියණියක නොවුණත් මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණයයි. එයින් මට ජීවිතය ගැන විශාල කලකිරීමක් ඇතිවුණා” යැයි රාජාංගණයේ ධම්මදින්නා මෙහෙණිය ලංකාදීපයට පැවැසුවාය. කඩවත ධම්මවීර හිමියන් තමාගේ ගුරු හිමියන් බවද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ නොමග යාමට 80%ක් දෙමව්පියන් දරුවන් හදපු විදිහත් බලපානවා. මේ කාරණාවේදීත් මෙතුමියට මම හොඳයි පුතා තමයි නරක, කියලා කියන්න බෑ.
ඔබගේ උතුම් ප්‍රාර්ථනාවන් සාක්ෂාත් වේවා !
ජීවිතවලට හැරවුම් ලක්ෂ එන්නේ අපි නොහිතන විදියකටයි. එම හැරවුම් ලක්ෂයේදී බුදු පිහිටක් බුදු සරණක් බලාපොරොත්තු වෙන්නේ බුදු දහම ගැන යම් හෝ අවබෝධයක් අැතියන්ට පමණි. නැත්තෝ මෙලොවම අවිද්‍යාවෙන් ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නට ගොස් සතර අපා දුක් සහිත නිරයටම වැටෙති. ඔබවහන්සේට මවෙක්, පියෙක් ඉරක් හඳක්, දුවෙක්, පුතෙක් නොමැති ශුන්‍ය වූ ලෝකයේ සියලු මැවීම් මනසේ මායාකරුගේ මැවීමක් බව දැන මේ සියලු දේ ගැන යථාබෝධ දර්ශනය ඉක්මණින්ම ලැබේවා...!!!
දරුවන් කරන වැරදි වගේම ඔවුන් නිවැරදි කරන දෙමාපියන් වෙත කදිම ආදර්ශයක් ඔබ වහන්සේ ලබාදීලා තියෙන්නේ..... ඔබ වහන්සේගේ අරමුණ ඉටුවේවා!!
සිල් මෑණියෙනි, ඔබ වහන්සේගේ අරමුණ සාක්ශාත්වෙවා! සතර මග, සතරඵල අවබෝධකරගෙන ඉක්මන් භවයකදී සසරගමන නිමවෙවා!! තෙරුවන් සරණයි
අවසරයි සිල්මෑණියනි ,ඔබවහන්සේගේ සියලු ප්‍රර්ථනා සපල වේවා !!!
ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි...
හරියට ළමයි හදන්නේ නැතුව දැන් මොනවා කරත් වැඩක් නෑ. උසාවියට මරණ දඩුවම නියම කිරීමට දෙමාපිය අවසරය උවමනා නැත.
සිල් මෑණියනි, ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටුවී, මතු භවයකදීම සසර ගමන අවසන් කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.
කමල් ඔබ හරි. අධිකරණයට ලියුම් ලියල වැඩක් නෑ. ඇයට එතන කරන්න දෙයක් නෑ.
" ලේ කිරි කර පොවා හැදු වැඩු සිඟිති පුතු " " මිනී මරපු හැටි කිසිලෙස නොපැතූ පැතූ " " අන් දියණියක තම දියණිය ලෙසින් සිතූ " " සිල් මව් තුමිය සැනසෙයි නිවනේදී මතු "
අම්මා කෙනෙක්ට මෙහෙම හිතල තමයි පුතාව පෝරකයට යවලා හිත හදාගෙන. මහණවෙන්න පුළුවන් නම් ඇයි? අපේ රටේ නායකයින්ට දරුණු අපරාධකාරයින් එල්ලනවට අකමැති ඒ අයගේ... සාක්කු හිස් වෙයි කියන බයටද?
මේ ළමයා මරන්න මොකක් හරි හේතුවකුත් ඇති... අනෙක් අතට මෙයාම එ්ක කළා කියලා කියන්න නඩු විභාගයක් පැවැත්විය යුතුයි. ජූරියේ තීරණයත් බලපානවා. කෙසේ වෙතත් දරුවන් නොමගට යන්නේ දෙමාපියන්ගේ වැරදි අඩුපාඩු නිසා කියන එක බැහැර කරන්න අමාරුයි. ඒ වගේම පවතින අධ්‍යාපන ක්‍රමයත් මේකට බලපානවා. හොඳ පුරවැසියෙක් හැදීමට වඩා උසස් රැකියාවක් අරමුණු කරගෙන අධ්‍යාපනය මෙහෙයවීමත් ඛේදවාචකයක්...