IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සිසුන්ගේ අපහසුතාව දැන දැනම ගුරු - විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත නොහරිති

(බිඟුන් මේනක ගමගේ )

ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව හෙට(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින්  ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත.

සිය ඒකාබද්ධ විරෝධතාව ගැන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද ඒ නිසා අදාළ සිසු පිරිසට ගැටලුවකින් තොරව විභාග කටයුතුවලට සහභාගීවීමට පහසුකම් සලසන්නැයි ද ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි.

සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්වන්නේ නම් ඊට කනගාටුව පළකරන්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (6)

සිසුන්ගේ අපහසුතාව දැන දැනම ගුරු - විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත නොහරිති

Nishantha Tuesday, 12 March 2019 10:16 AM

ගුරුවරුන්ට හම්බෙන සොච්චම් පඩිය වැඩි කරන්නේ කවදාද ?

:       43       468

මුණසිංහ Tuesday, 12 March 2019 10:40 AM

ගුරුවරුන්ටත්-විදුහල්පතිවරුන්ටත් සිදුව ඇති අසාධාරනය දැක දැකත් ආණ්ඩුව තමන්ගේ දර දඩු ස්ථාවරය වෙනස් නොකරති!

:       99       271

Gamage Tuesday, 12 March 2019 04:49 PM

මේ ප්‍රශ්න මුකුත් නැහැනෙ ඉල්ලීම් ටික ඉටු කරානම්.

:       56       104

rasika Tuesday, 12 March 2019 08:54 PM

ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉතාම සාදාරනයි. උපාදි තියෙන ගුරුවරෙක්ගේ වැටුප දිනකට රුපියල් 1000 ට අඩුයි. වතුකරයේ කම්කරුවන්ගේ වැටුප ට සමානයි බොහොමයක් ගුරුවරුන්ගේ වැටුප. හැබැයි මුළු සමාජයම බලාපොරොත්තු වෙන්නේ ඒ ගුරුවරයාගෙන් මුළු පරපුරක්ම ගොඩ දාගන්න. මෙතරම් වගකීමක් දරන ගුරුවරයෙක්ට අඩුම ගැනේ තමන්ගේ පදිංචියට ලග පාසලක් දෙන ක්‍රමවෙදයක්වත් තියෙනවද? දියුණු රටවල් හැම එකකම ගුරුවරුන්ගේ වැටුප සාපේක්ෂව ඉතාම ඉහලයි. ඔවුන්ගේ ගුරු සංගම් තම ප්‍රබලම. ලංකාවේ ගුරුවරු ආකල්පමය වශයෙන් වැඩ වර්ජන නොකරපු නිසා ඔවුන් ගැන කිසිම ආණ්ඩුවක් බැලුවේ නැහැ. සමහර ගුරුවරුන්ගේ වැටුප , අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ කම්කරුවන්ගේ වැටුපට සමානයි.

:       0       43

දිලුම් Wednesday, 13 March 2019 03:04 AM

රට කන පාර්ලිමේන්තුවේ ඉන්න අයට තියන දීමනා හා වැටුප් දැක්කම ගුරුවරු වැනි රට හදන මිනිසුන් මෙහෙම වර්ජන කරන එක සාධාරණයි. ඒ මිනිස්සු තුට්ටු දෙකට වැඩ කර කර මේ රටේ ළමා පරපුර හැදුවේ නැත්තම් අපිට මෙහෙවත් රටක් ඉතුරු වෙන්නේ නෑ.

:       0       2

perera Wednesday, 13 March 2019 03:08 AM

අපි දෙමව්පියන්ගේ අවවාද වලින් පසු ඊළගට නිසි අධ්‍යාපනයක් ලබන්නේ ගුරුවරුන්ගෙන් , ගුරුවරුන්ට ලැබෙන්නේ ඉතාමත් අඩු වැටුපක්, දෙවෙනි මව් වරුන් ලෙස සලකන ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කරන්න .

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 275 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site