(ඩී.ජී.සුගතපාල සහසුමතිපාල දීයගහගේ)

කරාපිටිය ජාතික රෝහලේ විදුලි සෝපානයක් රෝගීන් 15 දෙනකු සමග අද(12)  දහවල් අක්‍රියවූ බව රෝහල් පොලිසිය පවසයි.

රෝහලේ බාහිර රෝගින් ලියා පදිංචි කරන ස්ථානයේ තිබෙන  විදුලි සෝපානයට ඉහල මාලයට යාම සඳහා  15කු ඇතුලුවි අවස්ථාවේ එක් වරම එහි දොරවැසි විදුලි සෝපානය අක්‍රිය වි ඇත.

ඒ සමගම වහා ක්‍රියාතත්මකවු ආරක්ෂක අංශයේ නිලධාරින් සෝපානයේ අඟුලු කඩා දොර විවෘතකර එහි සිටි පිරිස පිටතට ගෙන ඇත.