(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

බන්ධනාගාරයෙන්  පැන යාමට තැත්කල රැඳවියෙකු  අද (12)  බනධනාගාර නියාමකවරයෙකු  අහසට වෙඩි තබා මෙල්ලකර අත් අඩංගුවට ගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා පවසයි.

මෙසේ පලායාමට තැත්කර ඇත්තේ ගෘහස්ථ හිංසනයකට අදාලව  බද්දේගම අධිකරණය විසින් රිමාන්ඩ්කර සිටි අම්බලන්ගොඩ මාදම්පෙ පදිංචි  රැඳවියෙකි.

මෙම රැඳවියා  අද දහවල් සැකකරුවන් ලියා පදිංචිකිරිමේ අංශයේ වහලට නැග පසුව අමුත්තන්ට පෙන්විමේ ගොඩනැගිල්ලේ වහලය මත දිව යන අවස්ථාවේ මුර අට්ටාලයේ රාජකාරියෙහි යෙදි සිටි නියාමකවරයා විසින් අහසට වෙඩි  තබා ඇත.

ඒ සමගම බියට පත්වු රැඳවියා බන්ධනාගාරයේ  ඇතුලත ප්‍රධාන දොරටුව අසල තිබු වැලි ගොඩට පැන ඇති අතර ඒ සමගම බන්ධනාගාර නියාමකවරුන් විසින් ඔහු අත් අංඩංගුවට ගෙන ඇත.