(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සතිය තුළ පත්කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට අද(14) දැනුම් දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(14) උදෑසන පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.
රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීමෙන් එම ආයතන පවත්වාගෙන යාමේ ගැටලු මතුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දිවුරුම් දී සති කිහිපයක් ගතවී ඇතත් සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල මෙතෙක් පත්කර නැති බවද සඳහන් කර ඇත.
සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් පත්කිරීමේදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශය ලබාගත යුතු බවද ප්‍රකාශ කර ඇත.
COMMENTS
ඇයි මේ විරසකය. මෙවැනි තනතුරුවලට පත්කළ හැකි විශේෂඥයින් ලංකාවේ නැතිද? එහෙම නැත්නම් උගතුන්ට තැන නොදි හෙන්චයියන්ට තැන දි අදාල ක්ෂේත්‍රයම අගාදයට යවන්න නේද වැඩි දෙනාට අවශ්‍ය. සත්‍ය වශයෙන්ම කුසලතා ඇති විශේෂඥ දැනුම ඇති අයවලුන් දැනටමත් රටේ නැහැ
දාලා තියෙන නිර්නායක අනුව මිනිස්සු හොයන එක ලේසි නැතුව ඇති. මෙයාට රට ගැන කැක්කුමක් නෑ මේ නිර්නායක දැම්මෙත් ආන්ඩුව අස්ථාවර කරලා ආන්ඩුවට වැඩ කරන්න බැරි වෙන්න.