(නිමන්ති රණසිංහ)
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියා යැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(03) අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට කරුණු ඉදිරිපත් කළේය.
එම තැනැත්තිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු මගින් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් යම් හෙයකින් ඇය විදේශගත වුවහොත්, විදේශ ගමන් තහනම් කරන ලෙසට ඉල්ලමින් එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
ඒ අනුව කරුණු තහවුරු කරගැනීම සඳහා නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තබනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ අතේ පත්තු වුණා නේද ?
හරියට හරි. නාට්‍යංගනාවිය හරි පුහුණුවක් නොලත් අයෙක්.
කැකිල්ලේ නඩු. වින්දිතයා චූදිතයා වෙලා. තාජුඩීන් රිය අනතුරකින් මැරුණා කිව්වෙත් මේ අයම තමයි.
ඔය සිද්ධිය ඇත්තටම වුනා කියල හිතමු. ඒ කාන්තාව පොලිසියට ගිහීන් පැමිණිලි කෙරුවනම් ඒ පැමිණිල්ල ලියා ගනියි කියලා මට නම් විශ්වාස නැ. පොලිසියේ නිලදාරිනුත් දැන් පණ බයෙන් ඉන්නෙ ආණ්ඩුවට විරුද්දව ලියන්න.