IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ස්විස් කුමාර් මුදාහැරීමේ විමර්ශන අවසන්

සිරාජ් හසීම්

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස්කුමාර් නැමැත්තා මුදාහැරියේ යැයි කියන සිද්ධියේ සියළු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව අද (28) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්හ.
 
මෙකී සිද්ධියට අදාල විමර්ශනයේ වාර්තාවද නීතිපතිවරයා වෙත යොමුකොට තිබෙන බවද සඳහන් කෙරිනි.
 
විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම එකී ඝාතනයේ වරදකරු වී මේ වනවිට මරණිය දණ්ඩනය නියම කර සිටින ස්විස්කුමාර් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මුදා හැරිමේ සිද්ධියට අදාලව එවක උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ මහතාට එරෙහිව මෙම නඩුව විභාග වේ.
 
මෙම නඩුවට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන ශ්‍රී ගජන් නැමති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කටයුතුද සිදුකරන බව රහස් පොලිසිය අධිකරණය හමුවේ තවදුරටත් අවධාරණය කලහ.
 
කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් රියාල් මහතා ඉදිරියේ අද(28) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මේ බව අධිකරණය හමුවේ දැනුම් දුන්හ.
 
මෙහිදී  සැකකාර  නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලමින් අපරාධ පරික්ෂන දෙපාර්තුමේන්තුව හමුවේ මසකට වරක් පෙනී සිට අත්සන් කරන ලෙසට පනවා තිබූ කොන්දේසියද ඉවත් කරනු ලැබීය.
මෙම නඩුව ලබන ජූනි 20වනදා යලි විභාගයට ගැනිමට නියමිතය.



අදහස් (0)

ස්විස් කුමාර් මුදාහැරීමේ විමර්ශන අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site