( ක.ග කරුණාරත්න)
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් 05 කින් යුත් රජයේ සේවක නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි කම්කරුවෙකු අද (30) පමණ එහි සිව්වැනි තට්ටුවෙන් බිමට ඇඳ වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, බී.ඕ.පී 317, තල්පොත අංක 78 ලිපිනයේ පදිංචි 42 හැවිරිදි ඩබ්ලිව්.එම් දයානන්ද නැමැති දෙදරු පියෙකි.
මේ පිළිබඳව පොලොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවක නිල නිවාසයේ දැන් හොල්මන් තියෙයි...
ලංකාවේ උස ගොඩනැගිලි වල පිටත වැඩ කරන සේවකයෝ ආරක්ෂිත පටි භාවිතා කරන්නේ නැද්ද?