හර්ෂණ තුෂාර සිල්වා
හැම ප්‍රශ්නයකම පැටලෙන්නට නොයා ඉදිරි මාස 18 කාලයේදී සිඝ්‍ර සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි තමන් ඇමැතිවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (1) පැවැසීය.
ඉදිරි මාස 18 ක කාලයේදී ආණ්ඩුව ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බවත් එහිදි ග්‍රාමීය සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
නව ග්‍රාම නිලධාරී පත්වීම් 1668ක් ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
“ඉදිරි මාස 18 ක කාලයේදී අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙන්නේ නැතිව සිඝ්‍ර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. ව්‍යාපෘති රැසක් ආරම්භ කර හිර වෙන්නේ නැතිව නොකර ප්‍රමුඛතාව පරිදි සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. අපේ සංවර්ධන සැලැසුම යටතේ ග්‍රාමීය සංවර්ධනය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ගම්මානවල සංවර්ධනය උදෙසා අපි රුපියල් මිලියන 80,000ක මුදලක් වෙන් කර තිබෙනවා.
සෑම ගමකම දියුණුවට බලපාන අයුරින් මෙම මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙන්නේ නැතිව අපි සංවර්ධන කටයුතුවල නිරත විය යුතු බව මම කිව්වා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තේ නැහැ. එහෙත් අපි අඛණ්ඩවම සංවර්ධන වැඩසටහන ක්‍රියත්මක කරනවා. අපි සිඝ්‍ර සංවර්ධනයට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. අපේ සම්පූර්ණ කාලය සිඝ්‍ර සංවර්ධනය සඳහා යොමු කර තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනයයි. ජනතාව ඡන්දේ දුන්නේ සංවර්ධනය දකින්නයි. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වන සංවර්ධනය ඇති කරමින් රට ඉදිරියට ගෙන යනවා”.
ඡායාරූප ඉෂාන් සංජීව



2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නැයි අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස්
Sunil Friday, 01 June 2018 12:17 PM
අවුරුදු 3 1/2 කරන්න බැරි වුන දේවල් 1 1/2 කරන්නද?
soma dubayi Friday, 01 June 2018 12:57 PM
රක්ෂා ලක්ෂ 10 අලුතින් ඇති කරන්න පුළුවන් වුනේ ආර්ථිකය ශීඝ්‍ර දියුණුවක් ලැබුවේ ගරු අගමැතිතුමාගේ පංචවිද වැඩපිළිවෙල නිසා.
rocky Sunday, 03 June 2018 03:32 AM
අගමැති තුමා අලුතෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ. මේ උත්තමයෝ `අප්පමාදේන සම්පාදේත` යන්න හිතට ගෙන බොහොම කඩිසර විදිහට සංවර්ධනේ වෙන බව ජනතාව නොදන්නවා නොවෙයි නේ!