(මහින්ද නිශ්ශංක,ඡායාරූප ගයාන් අමරසේකර)
ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධීව මෙරටට ගෙන් වු ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතුර බෝතල් හා ඉයර් ෆොන් 450,000 ක තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු සමාජ ආරක්ෂණ ඒකකය කියයි.
අදට (26) යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් සමාජයට අහිතකර මෙම ව්‍යාජ භාණ්ඩ තොගය විනාශ කිරිමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා පවසයි.
බුද්ධිමය දේපල පනත යටතේ මෙම ව්‍යාජ භාණ්ඩ විනාශ කිරිම මිස විකිණිම තහනම් බව ඔහු කියයි.





COMMENTS
චීනයයි ඉන්දියාවයි ගෑවුනොත් කුණුගොඩක් හෝ බාල වැඩක් තමයි. මුන්ගේ තියෙන ජනගහන ප්‍රශ්නය විසන්දගන්නේ නැතුව අනික් රටවලටත් වදයක් වෙනවා. ලාබෙට දෙනකොට අපේ අයත් ආසාවෙන් ගන්නවා තමයි, ඒ අපිව අපේ ආර්ථිකය තුලින් පත්කර ඇති අසරණකම නිසා. නමුත් මේ ජරා බඩු වර්ජනය කරනවානම් තමයි වටින්නේ.
ඔය උණුවතුර බෝතල්,සෙල්ලම් බඩු මීතොටමුල්ල මිනිස්සුන්ට ළමය්න්ට බෙදල දුන්න නම්
ඕව ගෙන්වන්නේ තොප්පි දාන සහ වේට්ටිය ගහන කට්ටිය.කොටුවට ගියොත් ඕව ඕන තරම් දකින්න පුළුවන්!!
මේකනම් හොඳ වැඩක්. බාල බඩු ගෙන්නනවා කිසිම ප්‍රමිතියක් නැහැ. ලෙඩ හැදෙනවා මිනිස්සුන්ට. අපේ රටේ මිනිස්සුන්ට දැනුමක් නැහැ ඒවා තෝරලා ගන්න එනිසා ලාබෙට තියන දේ ගන්නවා ඊට පස්සේ පිළිකාව හදාගන්නවා.
සෙල්ලම් තුවක්කු ඇරුනම අනිත් දේවල් සමාජයට අහිතකර වෙන්නේ කොහමද කියල කාටහරි කියල දෙන්න පුලුවන්ද.........?? කොහොම වුනත් මේ කුණුත්, කුණු කඳු වලටම එකතු වෙයි නේද........?
ඔය ඔක්කොම බොරු වැඩ.. පින්තුර 01,03 තියන සෙල්ලම් බදූ ඔක්කොම පිටකොටුවේ තියනවා... දුනු සහ කාර්......
ඇයි මෙ වගෙ දෙවල් වෙන්දෙසියේ දලා විකුනන්න බැරි?. හැමදේම කෙසේ වෙතත් සමහර දෙවල් මිනිසුන්ට අහිතකරයි කියලා හැගෙන්නෙ නැහැ. මෙ වගෙ සෙල්ලම් බඩුවත් නැති විශාල ළමුන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේවා විනාශ නොකර ඒ වගෙ ළමුන්ට දුන්නනම් පිනක්.
මට හිතෙන්නේ චීනයේ ඕව ඩිස්පෝස් කරන්නට තැනක් නැතිව මෙහෙ ගෙනෙන්ට ඇති....
කරන්න ඕනේ ඔහොම පේන්න කුඩු කර ඒ කුණු මේ රටේ ගොඩ ගහ ගන්නවා වෙනුවට ඒ රටටම පැටවීමයි. ඒ සඳහා ගෙන්නූ කෙනාම බර පැන දැරිය යුතුයි. ඒ වගේම හොඳ දඩයකුත් ගැසිය යුතුයි.
එකනේ ඒවාට සෙල්ලම් බඩු කියන්නේ.
නැති බැරි අය රටේ කොතරම් ඉන්නවද ඒ අයට බෙදල දාන්න
මාරයි. අපේ රටේ සල්ලි පිට ටරට ගියා. ගෙනාපු බඩුටික කුනුගොඩට ගියා. සමහරවිට කැකිල්ලේ රජ්ජුරුවෝ සහ උගේ ගෝල බාල කේවට්ටයෝ වෙන්න ඇති නිතිය ක්‍රියාත්මක කලේ?
මේවගේ ඔරජිනල් එක ගන්නගියානම් රුපියල් 2000-3000ක් වෙනවා ඩුප්ලිකේට් එක 100-150ත් අතර,,,,,,,,,, දුප්පත් දෙමාපියන් දරුවන්ගේ සතුට වෙනුවෙන් ගන්න තීරණය මොකද්ද? අනෙක අපිට මොකද ඇමරිකාවේ දෙයක් චීනෙන් කොපි කරලා හැදුවට.
විනාශ කරන්න අපි හරි දක්ෂයි. පරණ හාල් ටොන් ගණනින් පුච්චනවා. ඒ හාල්වත් නැති උදවිය අපමණයි. පාසල් ළමයින්ට දුන්නනම් පිට්ටනි වලට දානවා කුරුල්ලන්ට කන්න. හරක්ට එළුවන්ට පරණ හාල් හොඳයි. ලක්ෂ ගණන් දිළිඳු දරුවන් පොල්කටු, හිස් බෙලෙක්ක අරන් සෙල්ලලම් කරද්දී වර්ණවත් සෙල්ලම් බඩු විනාශ කිරීම අපරාධයක්. ඔය සියල්ල දිළිඳුන්ට බෙදා දෙන්න කැමති සමිති සමාගම් ඇති තරම් තියෙනවා. පාට පාට සෙල්ලම් බඩු පොඩි උන්ට මොනතරම් අගේද මොලයක් නැති අයගේ ගොන් තීරණ නිසා මේ රටේ අපතේ යන දේ එමටයි. බුද්ධිමය දේපල ගැන කතා කරන අයට බුද්ධිය කියල දෙයක් නැතිවීම ජාතියේ අවාසනාව.
හැමදාම අල්ලන මත්ද්‍රවය විනාශ කරනවා පෙන්නනේ නැනේ මෙහෙම නැති ළමයින්ට හරි දෙන තිබ්බ සෙල්ලම් බඩුනම් ඕව දැකලත් නැති ළමයි මේ ලංකාවේ ඉන්නවා
ඔයිට වඩා බාල සෙල්ලම් බඩු ඕන තරන් පිටකොටුවේ තියනවා... ඒවා ලංකාවේ හදපුවද?.. රටේ හැම තැනම තියෙන බාල බඩු මේ විදිහට ඉවත් කරනවානම් අපි පිලිගන්නවා ඔය මහත්තුරු කරන්නේ ඇත්තක් කියල. නැත්නම් මේකත් සෙල්ලමක් වගෙයි. අනෙක කරන්න ඕනේ ඔහොම කුඩු කරල ඒ කුණුත් මේ රටේ ගොඩ ගහ ගන්න එක නෙවෙයි. ඒ රටටම යවල ඒකේ බරපැන ගෙන්නූ කෙනාමටම දෙන එකයි.
මේ මහත්තුරු අවුරුද්දට එක දවසද පඩි ගන්නේ. "අදට (26) යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් ......." මේ ඉටු කරන්නේ රාජකාරියද නැතිනම් සංවත්සරයක් සමරනවද..?
උණුවතුර බෝතල්වල උණුසුම රඳව ගන්න රසදිය යොදා ගන්නවා. රසදිය පරිසරයට නිදහස් වීම ඉතාමත් හානීදායකයි. මේ දේවල් විනාශ කිරීම විද්‍යානුකූලව සිදුකළ යුතුයි.
අයින් කරල තියෙන උණු වතුර බෝතල් ටික විනාශ කරයි කියල හිතන්න අමාරුයි.
සෙල්ලම් බඩු ඔක්කොම ටික දෙන්නකො මීතොටමුල්ලේ ඉන්නා දුප්පත් ළමයින්ට.... කාරණය තමයි ඉහළ නිලධාරීන් ඉතින් හැමදාමත් මහජනයාගේ අල්ලස්වලින් කන එක..