(මනෝප්‍රිය ගුණසේකර)
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් කෝටි 60කට අධික මුදලක් වියදම් කොට සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් කොට වසර තුන බැගින් සිර දඬුවම් නියම වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරු මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අද(11) අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කළහ.
මහාධිකරණයේ තීන්දුව ඉවත දමා තමන් නිදහස් කරන ලෙස ඔවුහු එම ඇපෑල මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, මේ දෙපළ කලේ නියෝග ක්‍රියාත්මක කරන එකනේ.
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ ඇපෑලේ වගේ අපි බලාපොරොත්තු වෙනවා නීතිපති දෙපාර්තුමේන්තුව මේ දෙදෙනාවත් උපරිමය වූ අවුරුදු 20 ක් හිර ගෙට යවා වංචාව වගේ 3 ගුණයක් දඩ ගස්සවාවී කියා..
අනේ කෝටි 60 ට අවුරුදු තුන නම් ඇවිත් තව 60 ක් හොරකම් කරයි
අප්පච්චි වැලිකඩදි කල මේ වොයිස් කට් එක ඉදිරිපත් කලානම් ඇපෑල විසිවෙනව. "සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් ,එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත්" ය.
මේ හුටපටේ වරද තමා භාර ගන්න බව හිටපු ජනාධිපති තුමා කියනවා නේද? එහෙම නම් වැඩේ සිම්පල් නේ! එතුමාවත් අවුරුදු 20 කට විතර ආණ්ඩුවේ බෝඩිමට යවන්න බැරිය! ඕන නම් ඔය මජන් සාටකේ වෙනුවට සිල් රෙද්දක් දෙන්න පෙරව ගන්න!