IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සාරි පොටේ සිද්ධිය නීතිපතී අතට

(නිමල කොඩිතුවක්කු)

මහනුවර ගන්නෝරුව ප‍්‍රදේශයේ විවාහ උත්සවයක් අතරතුර දිගම සාරි පොට තේරීමේ ගිනස් වාර්තාව සදහා පාසල් සිසුන් 250ක් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ විමර්ශන  වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

නීතිපති උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.
 
ළමයින් සම්බන්ධ හිංසන වෙතොත් වහාම 1929 ශ‍්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද සභාපතිනිය ඉල්ලා සිටියි.



අදහස් (4)

සාරි පොටේ සිද්ධිය නීතිපතී අතට

Kaanthi Tuesday, 28 November 2017 10:31 AM

තමන්ට හැකි නම් උත්සවශ්‍රීයෙන් විවාහ වුනාට කිසිම වරදක් නැහැ. එත් බොරු සෝබනේට රටේ නීතියට පටහැනි වෙන අයුරින් පාසල් ළමුන් යොදා ගෙන මහා පාරවල් අවහිර කරගෙන නටපු නාඩගම නම් හරි නැහැ . මේකට මනමාල යුවල තමයි මුලික වැරැද්ද කරලා තියෙන්නේ. අනුන්ගේ බලපෑම් වලට යට වුන නිසා මේක වුනා කියන්න නම් එපා. බාලවයස්කාර විවාහයක් නෙවෙයිනේ. ඩයනා කුමාරිගේ මගුල වගේ වෙන්න කියලා පටන් ගන්න ඇති, මදැයි වෙච්ච දේ !

:       2       446

Ravi Tuesday, 28 November 2017 11:40 AM

දැන් කාලේ සමහර තරුණියන්ට ලෝකෙටම විහිළුවක් වුනත් කමක් නැහැ ප්‍රසිද්ධ මංගල්ලයක් ගන්න පුළුවන් නම් . අපරාදයක් නොවුනාට මෙතන සමාජ විරෝධී විදියට කුඩා දරුවන් සාරි පොටක් අල්ලන්න යොදා ගෙන . මොකෝ මේක මහරැජිනගේ මෞල්‍ය මංගල්‍යය නෙවෙයිනේ. හතර වරිගෙම වයසක ආච්චිලාගේ ඉඳලාම ඔය සාරිය අල්ලාගන්න යොදවන්න තිබුනා නේ.

:       0       0

chandana Tuesday, 28 November 2017 06:39 PM

දෙමව්පියන් තම දරුවන් පාන්දර 4.00 ට නැගිටවලා කරපු විකාරයක්. ඉස්සර නම් මේවට පරික්ෂණත් නැහැ

:       0       93

abaran Tuesday, 28 November 2017 10:02 PM

මහා ඇමතිගේ ඉඳලා දෙමව්පියෝ දක්වා හැමෝම ලැජ්ජාවට පත්විය යුතු කරුණක් වුනාට මෝහයෙන් මුලාවී සිටින කිසි කෙනෙකුට මෙහි බරපතලකම නොතේරීම පුදුමයක්ම නෙවෙයි....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site