IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සූරියවැව පාසල් ප්‍රශ්න පත්‍ර අවුලක්

(දිලීප් ජයසේකර)

පාසැල් වාර විභාගයේ  10 ශ්‍රේණියට අදාලව අද(24) ලබා දීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්නපත්‍රය සුරියවැව විහාරගල ඉසුරු පාසලේ දී පසුගිය 21වැනිදා ලබා දී ඇතැයි දෙමාපියෝ කියති.

දෙමාපියන් වැඩි දුරටත් පැවසුවේ ඉකුත් 21 වන දින ලබා දිමට නියමිතව තිබු ඉතිහාසය ප්‍රශ්න පත්‍රය වෙනුවට විහාරගල ඉසුරු පාසලේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය ලබා දි ඇති බවත් මේ හේතුව නිසා අනෙකුත් පාසල්වල සිසුන් අතට විභාග දිනයට පෙර ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය ලැබී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලිමකදි අනාවරණය වුයේ පාසල් වර්ෂ අවසාන විභාගයට අදාලව හම්බන්තොට කලාප කාර්යාලයෙන් පළමුව එක් කාල සටහනක් ලබා දි ඇති අතර පසුව නැවත එම කාල සටහන සංශෝධනය කර නව විභාග කාලසටහනක් පාසල්වලට යවා ඇති බවයි.

ඒ අනුව පළමු කාලසටහනේ 21 වැනිදාට ඉංග්‍රිසි විෂයයත්, 24වැනිදාට ඉතිහාසය විෂයත් පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර නැවත සංශෝධනය කර පාසැල් වෙත යවා තිබු  විභාග කාල සටහනේ සඳහන්ව තිබී ඇත්තේ 21වැනිදාට ඉතිහාසය විෂය සහ 24වැනිදාට ඉංග්‍රිසි විෂයයත් ය.

මේ සම්බන්ධයෙන් සුරියවැව විහාරගල ඉසුරු පාසලේ විදුහල්පති පැවසුවේ වාර විභාගයට අදාලව තමන් වෙත ලැබුණු කාල සටහනේ 21වැනිදාට නියමිත විෂය ලෙස සඳහන් වුයේ ඉංග්‍රිසි විෂය බවත් සශෝධිත කාල සටහනක් තමන්ට නොලැබුණු බවත්ය. තමන් මේ සම්බන්ධයෙන් හම්බන්තොට කලාප කාර්යාලය දැනුවත් කර ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.

මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන ලෙස දෙමාපියෝ වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිති.

 



අදහස් (3)

සූරියවැව පාසල් ප්‍රශ්න පත්‍ර අවුලක්

බද්රානි Friday, 24 November 2017 03:43 PM

එකවර නිවැරදි කාලසටහනක්වත් හදා ගන්න බැරි අයද අපේ රටේ අධ්‍යාපන කාර්යාලවල වැඩ කරන්නේ? මේ කටකයිවාරුව පමණක් ඇති, වැඩබැරි ටාසන්ලාව ගෙදර යවා, දේශපාලකයින්ගේ ගැත්තන් නොවන දක්ෂයින්ව මේ ආයතන වලට තරඟ විභාග යටතේ බඳවා ගන්න. එහෙම නැත්නම්, මේ අධ්‍යාපන කාර්යාලවල අයට හා අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන්ට වගේම රටේ බහුතර ගුරුවරුන්ටත් නිසි අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් සකසන්න.

:       20       3

Fireman Saturday, 25 November 2017 07:06 AM

කාලසටහන් හදන්න දුම්රිය දෙපාර්තමේන්තුවට බාරදුන්නා නම් වෙලාවට වැඩකරන්න පුළුවනි. ඇමැතිතුමාගෙන් අහලා බලන්න.

:       0       0

himal Saturday, 25 November 2017 10:59 AM

මෙතන වෙලා තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක්. දියුණු සන්නිවේදන ක්‍රම තියෙන අදත්, ලංකාවේ රාජ්‍ය ආයතන ‍රැ‍ඳෙන්නේ ලියුම් කියුම් මත. වැඩේ වැරදියි. ඒත් බලන්න වාර විභාග ප්‍රශ්න පත්‍රයකට පවා කරන පීඩනය. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විතරයි. මේ දෙමව්පියො දකින්නේ. ඒත් මේ සිද්ධිය නිසා ඉතිහාසය ප්‍රශ්න පත්‍රයත් පිට වෙනවා. ඒ ගැන කියන්නෙ නැත්තේ, සේරටම වඩා ඉංග්‍රීසිය ලොකු වෙච්ච නිසාද?

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site