IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සිරියාවට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයේ පැසසුම්

ජෙරුසලමේදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන සිරියාවේ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරය පසසන අතරවාරයේදී ඉරාන මැදිහත් වීම සිරියානු අර්බුදය තව උග්‍ර කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. 

සිරියානු රජයේ හමුදා ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත් සිරියාව මෙන්ම සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට සහාය දක්වන රුසියව ද ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කරන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය සතියේදී ඩූමා වෙත එල්ල වූ විස වායූ ප්‍රහාරයෙන් 70 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වූ අතර ඉන් වැඩි දෙනා සිවිල් වැසියෝ වූහ. 

ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙහෙයුම සාර්ථක වූ බව සඳහන් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. අසාද් ආණ්ඩුව ඔවුන්ගේ රසායනික අවි භාවිතය නොනවත්වන්නේ නම් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා කීය. 

“අද   උදෑසන ඇමෙරිකා නායකත්වය යටතේ, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ කැපවීම ප්‍රකාශන හා ඒවායේ මූලධර්මවලට පමණක් සීමා වී නැති බව ප්‍රදර්ශනය කළා” යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලිඛිත ප්‍රකාශයක් මගින් සඳහන් කළේය. 

“ඉරානය ඔවුන් නියෝජනය කරන පාර්ශ්ව හා කණ්ඩායම්වලට කඳවුරු හා පහසුකම් සැපයීම සිරියාව අනතුරු හෙළීමක් බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් තේරුම්ගත යුතුයි” යැයි ද හෙතෙම පැවැසීය. 

සිරියාවේ ඩැමැස්කස් අගනුවර රසායනික අවි ඇතැයි කියන ස්ථානවලට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රහාර එල්ල කරන වග ඊශ්‍රායලය දැන සිටි බව ද වාර්තා විය. “අපිට කලින් අනතුරු ඇඟවීම් ලැබුණා. පැය 12ත් පැය 24ත් අතර කාලයක් අතරතුර සිරියාවට ප්‍රහාර එල්ල වන බව අපට කලින් දැනගන්නට ලැබුණා” යැයි ඊශ්‍රායල නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවැසීය. 

ඉලක්ක තෝරා ගැනීමට ඊශ්‍රායලය සහාය වූයේ දැයි විමසූ විට “මගේ දැනුම අනුව නැහැ” යැයි එම නිලධාරියා පැවැසීය. ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය දැනුවත් කළ බව වැඩි විස්තර සඳහන් නොකළ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශිකාව රොයිටර් පුවත් සේවයට පැවැසුවාය. 

ඉරානය සිරියානු ජනාධිපතිවරයාට සහාය දක්වමින් සිරියානු අර්බුදයට මැදිහත් වීම ඊශ්‍රායලයේ කෝපයට හේතුවී තිබෙන අතර කිසියම් හෝ තර්ජනයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය අවධාරණය කර තිබේ. ආයුද සන්නද්ධ ඉරානය ෂියා ව්‍යාපාරයක් වන හිස්බුල්ලා සංවිධානයට ද සහාය දක්වන අතර ඔවුන් සතුව මිසයිල තිබෙන බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානය 2006 වසරේදී ඊශ්‍රායලය සමඟ යුද වැදුණු සංවිධානයක් ද වේ. 

සිරියාවේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවට සිරියාව, ඉරානය සහ රුසියාව ඊශ්‍රායලයට චෝදනා කරයි. ලෙබනන සිරියානු දේශසීමාවේ පිහිටි මෙම ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉරාන හමුදා සාමාජිකයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කළ බව සනාථ කිරීම හෝ ප්‍රතික්ෂේප හෝ නොකිරීම ද විශේෂත්වයකි.  

ඉකුත් බදාදා (11) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතා සිරියාව අස්ථාවර කරන කිසිවක් නොකරන්නැයි අවධාරණය කළ බව ක්‍රෙම්ලීන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේ වුවත් ඉරානයට සිරියාව තුළ ස්ථාවර වීමට ඉඩ නොතබන බව නෙතන්යාහු පැවැසූ බව ඊශ්‍රායාල අගමැතිවරයාගේ කාර්යාලයෙන් දැනගන්නට ලැබිණි. 

ඊශ්‍රාලය සිරියාවේ ඉලක්ක වෙත නිරන්තරයෙන් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර විශේෂයෙන්ම ලෙබනන හිස්බුල්ලා ආයුද නැව් බවට සැක කෙරෙන නැව් ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර එල්ල විය. 

055



අදහස් (5)

සිරියාවට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයේ පැසසුම්

Prabhath Mapa Sunday, 15 April 2018 09:28 AM

යුද්ධයක් කියන්නෙ හොද දෙයක් නෙවෙයි. ඒත් අන්තවාදී බලවේග මර්ධනය කරන්න වෙනවා.

:       1       169

රවින් Monday, 16 April 2018 01:21 AM

ඔන්න වැඩේ පටන් අරන්. ඉරක යුද්ධයට ප්‍රථමත් මේ කට්ටියම තමා කිවේ සදාම් හුසේන් රසායනික අවි භාවතා කරනවාය ඔහු ළඟ ටේලර් වල ඇති ජංගම රසායනික අවි තියනවාය ආදී බොරු කියල ඉරක යුද්ධය ඇති කරලා අද ඉරාකයේ ඇතිවෙලා තියන තත්වයට මුල පිරුවේ. ඉතිහාසය පොඩ්ඩක් හාරලා විපරම් කරලා බැලුවොත් සුල මුල හොයාගන්න පුළුවන් වෙයි.

:       0       21

Sanath Monday, 16 April 2018 02:45 AM

ඊශ්‍රායලය කියන්නේ ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය කියල සලකන්න පුළුවන් රටක්. මේ රට මොනම යුද්ධ අපරාධයක් කලත් ඇමරිකාව මැදිහත්වෙලා බේරාගන්නවා. අපේ රටවල්වල ජාතික ආරක්ෂාවට වෙඩිල්ලක් තිබ්බොත් ඇමෙරිකාවයි බටහිර රටවලුයි ඇවිස්සෙනව දෙබරෙට ගලක් වැදුනවගේ.

:       1       5

TUAN Monday, 16 April 2018 07:34 AM

මේ අයටත් කාලයක් වෙද්දී ඔහොම වෙයි.

:       0       0

rohana kumara mendis Tuesday, 17 April 2018 07:18 AM

ඔව් ඔව් මේ ගොල්ලෝ හරි ආසයි වෙන රට වලට ගහනවට නැති කරනවට. මෙයාලට රටක් ජාතියක් නැතිව උන්නු අයනේ. මෙයාලා කොසෝවේ වගේ බලහත් කාරයෙන් අල්ල ගත්තු අයනේ (පලස්තීනයෙන් බලෙන් අල්ලා ගත්තු කොටසට දැන් අයිතිවාසිකම් කියනවා මිනී මර මර... ලැජ්ජයි ජුදෙව් ජාතියටත්...)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site