(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසුව නීතිවිරෝධී හෙරොයින්,ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි හා බීමත්ව අශෝභන ලෙස හැසිරුණ මෙන්ම වන්දනාකරුවන් අපහසුවට පත්වන ලෙස ක්‍රියා කළ පුද්ගලයන් 25 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවීමෙන් වරදකරුවන් වූ එම පිරිසගෙන් රුපියල් 50,000/- කට ආසන්න දඩ මුදලක් රජයට අයකර ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන විට සුරාවෙන්, දුසිරිතෙන් තොරව, වන්දනා ගමනක් ලෙස සංවරශීලිව පැමිණෙන ලෙස නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා අද (5) එසේ පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙන ඇතැම් තරුණ කොටස් නීති විරෝධී මත් ද්‍රව්‍ය පානය කර හා රැගෙන පැමිණෙන බවත්, ඇතැම් පිරිස් ශ්‍රීපාද පුදබිමට පැමිණෙන්නේ විනෝද චාරිකාවක් යන ආකාරයෙන් බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අත්අඩංගුවට ගැනීම්ද? සිදුවිය යුත්තේ ඔහු අයිති සමාජයෙන්ම ඔහු කොන්කර දැමීමයි. ක්‍රිස්තියානි සමාජයේ මෙවන් පුද්ගලයින් පල්ලියට වැද්දගන්නේ නැත. මුස්ලිම් සමාජයේත් එසේමයි. එ්කට අපි ඕනෙම පාදඩ වැඩක් කරන අය යහතින් පළිගෙන කසාදයකුත් කර දෙන්නේය. සිංහල ජාතියේ පිරිහීමට හේතුව එ්කයි.