හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිධුරයට පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. 
ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් කෝන්ගහගේ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා  වශයෙන්ද කටයුතු කළේය. 
කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ගෞරව උපාධිධාරියකු වන සරත් කෝන්ගහගේ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති, ලේක්හවුස් ආයතනයේ වැඩබලන සභාපති සහ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ යන තනතුරුද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන විධායක තනතුරුද හොබවා ඇත.
ඔහු කලක් සීනෝර් පදනමේ සභාපතිධුරයේද කටයුතු කළේය.  
 
 
055