IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සරත් එන් සිල්වාගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු සිසිර ද අබෘෘ ඉවත් වෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් ඉවත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘෘ මහතා අද ( 28) තීරණය කළේය.

මෙම පැමිණිල්ල අද (28) සලකා බැලීම සඳහා සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර ඇත්තේ තමා මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත්වන බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලීම සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුද මීට පෙර මෙම පැමිණිල්ල සලකා බැලිමේ කටයුතු වලින් ඉවත් වීණි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර,  ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අදහස් (1)

සරත් එන් සිල්වාගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු සිසිර ද අබෘෘ ඉවත් වෙයි

thilakasiri Friday, 28 June 2019 09:53 AM

නීති පවා කාලෙන් කාලෙට ව්‍යවථාදායකය මගින් වෙනස් කළයුතු වන්නේ දෙවි මිනිසත් බව ඉක්මවූ බුදුන් වහන්සේ හැර කිසිම දෙවියෙකු හෝ මිනිසෙකු අංගසම්පූර්ණ නොවන නිසාය. පෙත්සම් විභාග වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත්වෙමින් නඩු කල් දැමීමට විරුද්ධවද නීතියක් පනවා එසේ කරන්නවුන්ට සුදුසු දඬුවමක්ද නියමකර අධිකරණය කාර්යක්ෂම කළයුතුයි. පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය විසින් ජනතා පරමාධිපත්‍ය හිස්මුදුනේ තබා ක්‍රියාත්මක වියයුතුය...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site