IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘සුරක්ෂා’ නිවාසවලින් 1826ක් ආපසු ගෙන්වා ගනී

විනීතා එම් ගමගේ

 

මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසවල විවිධ හේතූන් මත රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 1826 දෙනෙකු ඉකුත් මාස 18 ක  කාලය තුළ ගෙන්වා ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. එම සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ද ඔවුහු පවසති.

මේ වනවිට එම සුරක්ෂා නිවාසවල රැඳී සිටින සමස්ත ශ්‍රමිකයන් සංඛ්‍යාව 251 ක් බවත් වැඩිම ශ්‍රමිකයින් පිරිසක් සිටින්නේ කුවේට් හා රියාද් තානාපති කාර්යාලවල පිහිටි සුරක්ෂා නිවාසවල බවත් විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

කුවේට් තානාපති කාර්යාලයේ  ශ්‍රමිකයන් 105 ක් සිටින අතර රියාද් තානාපති කාර්යාල සුරක්ෂා නිවාසයේ 41 ක් රැඳී සිටිති. අනෙක් රටවල පිහිටි සුරක්ෂා නිවාසවල සිටින සමස්ත ශ්‍රමික පිරිස 105කි. ඊශ්‍රායලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, බහරේන් හා මාලයිවයින යන රටවල සුරක්ෂා නිවාසවල මේ වන විට කිසිදු ශ්‍රමිකයෙක් නොමැත.

සුරක්ෂා නිවාසවල රඳවාගෙන සිටි ශ්‍රමිකයින්ගේ ගැටලු හැකි ඉක්මණින් විසඳා ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව එම ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බවත් එබැවින් මෙම සංඛ්‍යාවේ අඩුවීමක් දැකිය හැකි බවත් නානායක්කාර මහතා පැවසුවේය.

ශ්‍රමිකයින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කම්කරු අංශ ප්‍රධානීන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් තානාපති කාර්යාලවලට පිටත්කර යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම කීය.

 



අදහස් (0)

‘සුරක්ෂා’ නිවාසවලින් 1826ක් ආපසු ගෙන්වා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site