(ජයන්ත සමරකෝන් )
ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පවුල් අතර හමුවේදී ඥාතීන් විසින් ඔවුන්ට ගෙන එනු ලබන කෑම බීම සීමා කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය ගෙන ඇති තීරණය නිසා රැඳවියන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි සිරකරුවන් සුරැකීමේ කමිටුවේ ලේකම් සුරේෂ් නන්දිමාල් මහතා පවසයි.
හෙට ට (12 ) යෙදී ඇති සිරකරු සුබසාධන දිනයේදී රැදවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන් රැගෙන එන කෑම,බීම සහ අනෙකුත් භාණ්ඩ සීමා කිරීමට බන්ධනාගාර පලනාධිකාරිය විසින් ගනු ලැබු තීරණය අසාධාරණ තීරණයක් යැයි පවසමින් සිරකරුවන් සුරැකීමේ කමිටුව බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියට ලිඛිතව පැමිණිල්ලක්ද කර තිබේ.
බන්ධනාගාර අධිකාරය ගත් මෙම තීරණයත් සමඟ සිරකරුවන් අතර යම් නොසන්සුන්තාවක් හට ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දනාගාරයතුල ඉඩ මදියි කියලා පහුගිය දවස්වල උද්ගෝෂණ තිබුනා නේද? ඔය අරගෙන එනවයි කියන භාණ්ඩ තියාගන්නේ කොහෙද? ඊටපස්සේ එක එක්කෙනා ඒවා ගත්තයි කියලා සණ්ඩු සරුවල් කරගන්නකොට ඒවා බේරන්න යන්නේ කවුද?