IMG-LOGO

සියලු සමාජජාල පාලනයට පියවර


 
විනීතා එම් ගමගේ

මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට  ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. අද (07) සිට මෙම සමාජ ජාල නිරික්ෂණය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය  සිදුකරන බවත් ඒ සඳහා කොමිසමේ  ඉංජිනේරුවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන බවත්  එම නිලධාරියා පැවැසීය. 

ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය. 

කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය  අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.



අදහස් (45)

සියලු සමාජජාල පාලනයට පියවර

නයන් Wednesday, 07 March 2018 07:09 AM

ඉතාමත් හොඳ සහ නිවැරදි පියවරක්. ජාතිවාදය පමණක් නොව බොහෝ පවුල් අවුල්, පෙම් පලහිලවූ, ඇතිවන්නේත් සමාජ ජාල පරිහරණය ගැන ලංකාවේ බොහෝ දෙනෙකුට දැනීමක් සහ ස්වයං විනයක් නැතිකම නිසායි. චීනය මුහුණු පොත සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත්තේ ඒ නිසයි

:       419       1682

LakmaliWednesday, 07 March 2018 08:37 AM

ෆේස්බුක් නිසා මිනිස් ජීවිත විනාශ වෙනවා එන්න එන්නම.. පාලනයක් ඇතිකළ යුතුයි. විකාර කාරයෝ ටිකක් තමයි මේවා කරන්නේ. සමාජයට වෛර කරනවා විතරයි.

:       30       295

NissankaWednesday, 07 March 2018 08:58 AM

ස්වයං විනය අපේ රටට හීනයක් විතරයි. ඒ නිසා මෙලෙස ජතිවාදය, ආගම්වාදය අවුස්සන සමාජ ජාල ගිණුම් පාලනය සඳහා දැඩි නීති පැනවිය යුතුයි. මේ සමාජ ජාල නිසා කිසිම හික්මීමක් නැති පිරිස් මාධ්‍යකරුවන් හා සංනිවේදකයන් බවට පත් වෙලා.

:       0       211

චමින්ද Wednesday, 07 March 2018 07:25 AM

දැන්ද මතක් උනේ...........

:       2       71

මනොජ් Wednesday, 07 March 2018 07:27 AM

කරුනාකර ලංකාවේ ඕපාදූප අඩවි සහ එලකිරි අඩවිය නවත්න්න.

:       868       1028

Ranil Wednesday, 07 March 2018 07:30 AM

අගමැතිගේ විශ්වාසභංගය යට ගහන්න කියාපු නාඩගම. ඕකෙන් නම් එයාව ගෙදර යවන එක නවත්තන්න බැරි වෙයි.

:       5677       4447

ROHAN DAYADARA PARIS Wednesday, 07 March 2018 07:30 AM

කවුරු බලයට පත්වුවත් ඉතා හොද රටට හිතකර වැඩපිළිවලක් ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ ගත ශ්‍රී ලාංකිකයි පවා ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති විදේශ රටවල පුරවැසි භාවය ලබා ඇති උනත් නීතිය කඩකරනවා නම් රටේ අනාගතය වෙනුවෙන් නීතිමය පියවර ගන්න පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනයකර වැරදි කරුවන් අධිකරණයට පමුණුවන්න තරාතිරම නොබලා එවිට අපේ රටේ සියලු ජාතින් අතර එකමුතුව සමගිය හා සාමය උදාවෙනු ඇත .

:       0       208

Samantha Wednesday, 07 March 2018 07:35 AM

අඩන්න ඉන්න එකාගේ ඇහැට ඇගිල්ලෙන් අන්න වගේ වෙලා තියෙන්නේ.

:       10       66

Jahamanayaa Wednesday, 07 March 2018 07:44 AM

අන්තර්ජාලය වගේම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ජාලයත් පාලනය කලයුතුයි.

:       2       84

රොෂාන් Wednesday, 07 March 2018 07:44 AM

කියලවත් කරගන්න බැරුව තිබුණ දෙයක්. ඕක මහා පිළිකාවක්. හොඳ දේට වඩා මිනිස්සු පාවිච්චි කරන්නේ නරක දේ වපුරවන්ඩ. බොරු ෆේස්බූක් පිටු ඔක්කොම බ්ලොක් කරන්න ඕනේ

:       15       155

සුජීව Wednesday, 07 March 2018 07:45 AM

අතීසාරයට(බඩේ අමාරුවට) අබුඩය ගැසීමක්.

:       253       184

පිටිගල මිලානෝ Wednesday, 07 March 2018 07:46 AM

මේ මොන විහිලුවක්ද? අතීසාරෙට අමුඩේ ගහනවා කියන්න මේ වගේ අමනොඥ වැඩ වලට.

:       162       176

roshan Wednesday, 07 March 2018 07:51 AM

හැම දේටම ඔයාගේ දේශපාලන උවමනාවන් ගාව ගන්න එපා . අපි හැමෝම රටක් වශයෙන් දුක් වියයුතු මෝහතක්

:       0       28

saliya Wednesday, 07 March 2018 08:03 AM

බොහෝ සමාජ ජාල පල කිරීම් , ජාතින් අතර සමගියට විරුද්ධයි . එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනා කම නොදන්නා පිරිස් , දේශ ප්‍රේමයේ මුවාවෙන් එකාධිපතිත්වයකට රට ගෙන යාමේ උවමනාවෙන් ප්‍රචාරණයේ යෙදෙනවා . මේවා බොහෝ අය ඉතා කැමැත්තෙන් කියවා පිලි ගන්නවා . අනාගතය අදට වඩා හුඟක් අඳුරුයි.

:       0       119

ඉන්දික අතුකෝරල Wednesday, 07 March 2018 08:06 AM

හොදයි එහෙත් මෙවැනි ජාල වලට පිවිසීම අවහිර කරහොත් තවත් ගැටුම් උත්සන්න විය හැකියි.....

:       54       16

Vajira Wednesday, 07 March 2018 08:07 AM

මේ මුහුණු පොත ඇත්තටම ලෝකයට ව්‍යසනයක් වී හමාරයි. අද තරුණ පරපුර ජිවත් වෙන්නේ සින්තටික් ලෝකයක. ඔවුන්ගේ සියලුම බැඳීම් පවතින්නේ සයිබර් අවකාශයේ පමණයි. මුහුණු පොතෙන් පමණක් අසල්වැසියා හඳුනන අය කොහොමද අසල්වැසියාට ප්‍රේම කරන්නේ? ජිවිතයේ ප්‍රායෝගිකත්වය නොදන්නා පරපුරක් බිහිවෙමින් පවතිනවා. ඒ වගේම මිනිස් ශ්‍රමයේ ඵලදායිතාව විශාල ලෙස පහත වැටෙමින් පවතිනවා.

:       123       248

ThiwankaWednesday, 07 March 2018 10:11 AM

නුගතුන් එසේ කරගත්තට මුණු පොත භාවිතාකර හොද දේවල් ඒමට කරලා තියනවා , සමහරු හොඳ ව්‍යාපාර කරනවා මේ හරහා , අසරණ අයට පිහිටවෙලා තියනවා, රැකි රක්ෂා සොයාගන්න , විවාහ කටයුතු වලට ලොකු උදව්වක් වෙනවා . පාන් කපන පිහියෙන් ගෙල කපගත්තට පිහිය පලි නැහැ

:       2       70

SanathWednesday, 07 March 2018 10:39 AM

තමන්ගේ බෙල්ල නම් කපා ගත්තට කමක් නෑ. රටේම බෙලි කැපෙන තැනට වැඩ සිද්ද කරන එකයි වැරැද්ද? ළදරුවන්ට වගේම ළදරු මනසක් තියෙන අයටත් පිහිය දෙන්න හොද නෑ.

:       2       50

nisar Wednesday, 07 March 2018 08:10 AM

හොඳ වැඩක්. මාද්‍ය වෙබ් අඩවි තහනම් කරන්න පුලුවන්නම් ඇයි මුහුණු පොත තහනම් කරන්න බැරි. යහපත් දෙයකට ඕක පාවිච්චි කරන්නේ බොහොම සුළු පිරිසක්.

:       1       31

Asanka Wednesday, 07 March 2018 08:12 AM

සමාජයේ නුගත් භාවය, නීතිගරුක නැති බව ,නැතිකරන්නේ නැතුව ආකල්පමය වෙනස ඇති නොකර ඒ වෙනුවට සමාජ ජාල මුණු පොත් වහනවා , ඕකමනේ ඉරානයේත් වෙන්නේ.

:       53       16

මහින්ද විරසිංහ Wednesday, 07 March 2018 08:14 AM

විස්වාසභංග කියන තරම් සැර නෑ ඵකාබද්ධය පස්ස බිම අැනගෙන නිහඩ වෙනවා

:       116       64

සෙනෙවි Wednesday, 07 March 2018 08:16 AM

ඉතා නිවැරදි තීරණයක් සමහර උගතුන් පවා මෙහි ඇති සියලුම දෑ සත්‍ය බව විශ්වාස කරයි. කාලය කාදමන තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය ලෙස අන් අයට හෙලි කරන සෝබන නාඩගමකි.

:       16       58

ලුම්බිණි Wednesday, 07 March 2018 08:50 AM

මම හිතනවා මේක ඉතාම වැරදි තීරණයක් කියල. 1983 කලබල උනේ සමාජ ජාල තිබිලද?

:       99       200

banda Wednesday, 07 March 2018 08:53 AM

වෙබ් අඩවි නවත්වල පුලුවන්ද මේවා නවත්වන්න ....

:       3       12

hasitha Wednesday, 07 March 2018 08:54 AM

මේක සිංහල විතරක් නෙමෙයි, දෙමළ සහ අරාබි භාෂාවලින් සිදුවන ප්‍රචරයන්ටත් ක්‍රියාත්මක විය යුතුයි. රහසිගතව සිදුවන එවැනි යාන්ත්‍රණ වඩාත් ප්‍රභල සහ භයානක මතවාද මුළු රට පුරාමත්, ලෝකයේ අනිත් රටවලටත් ක්‍රියාත්මකයි.

:       23       32

trump Wednesday, 07 March 2018 09:09 AM

ලංකාව ඇතුලේ රජය,විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අදාළ තාක්ෂණික ආයතන එකතු වෙලා වැඩපිළිවෙළක් දියත් කළා නම් හොඳ නැද්ද වෙබ් සයිට් සම්බන්ධව vote කරන්න ක්‍රමවේදයක් එතකොට මිනිස්සු තෝරලදේවි කාලීනව අත්‍යවශ්‍ය සහ අනවශ්‍ය දේවල් මොනවද කියලා. ප්‍රමුඛතා පිළිවෙලක් හදලා මිනිසුන්ගේ අඩු ම කැමැත්ත තියෙන ඒවා තහනම් කරන්න. සයිබර් අවකාශයේත් මිනිසුන්ට හිතකර පරිසරයක් හදන්න එතකොට පුළුවන් වේවි.

:       4       43

Indrajith Wednesday, 07 March 2018 09:17 AM

ඉන්ටර්නෙට් ස්ලෝකරනවා මිසක් ෆේස්බුක් තහනම් කරලා නැහැ.. නූගත් මිනිස්සු උඩදාගෙන කෑගැහුවට ෆේස්බුක් එක නැත්නම් ආණ්ඩුව මිනිසුන්ව ගොනාට අන්දනකන් දන්නේ නැති වෙලා ගොඩක් කල්...

:       30       52

kasun Wednesday, 07 March 2018 09:17 AM

ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීම සිමා කරලා මොකක්ද නටන්න හදන නාඩගම ... අතුරුදන් කාර්යාල පනත, රාජ්‍ය ආයතන විකිණීම , මහනුවරට විතරක් නෙවෙයි කොළොඹත් ඉන්ටෙර්නෙට් නෑ

:       84       77

chaminda Wednesday, 07 March 2018 09:35 AM

කරුනාකර ලංකාවේ ඕපාදූප අඩවි සියලු සමාජ මාධ්‍ය නවත්වන්න.

:       3       26

milan Wednesday, 07 March 2018 10:14 AM

ආණ්ඩුවට මෙලෝ දෙයක් කර ගන්න බැරිව ඉන්නේ. එකයි හැමදෙයක්ම නවත්වන්න හදන්නේ.

:       10       40

සුරංග Wednesday, 07 March 2018 10:19 AM

එෆ්.බී. දිගටම තහනම් කරමු. අන්තර් ජාලයෙන් ලංකාවට විදේශ විනිමය ගෙන්නන අය ගොඩක් ඉන්නවා. එ්කනිසා යූ ටියුබ් ඇතුළු අනෙකුත් පහසුකම් එලෙසම පවත්වාගෙන යන්න.

:       8       24

Maria Wednesday, 07 March 2018 10:20 AM

අන්තර්ජාලය පාවිචි කරන්නේ හරිම මෝඩ විදියට , මේ හැම දේටම මුල පොස්ට් වෙන හැම දේම ශෙයා කරලා රට තුල හරි තත්වය ගැන දන්නැතිව ,ආගම බේදය ,ජාති බෙදයි මුල් කර ,ඔක්කොම ඕපාදුප ටික ශෙයා කරගන්නයි මෝඩ විදියට හැසිරෙන්නේ ලංකාවේ මිනිස්සු තමයි වෙන රටවල් මිනිස්සු ජාලය පාවිචි කරන්නේ යහළුවන් අතරේ සුහදතාවය පවත්වා ගෙන යන්නයි , අලුත් දේ සොයා ගන්නයි ,තවත් දේ අගය කිරීමටයි. ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ ....

:       1       57

roshan pranandu Wednesday, 07 March 2018 10:23 AM

face book තහනම් කිරීම නෙමේ කරන්න ඕනේ , තමන් බුද්දීමත්ව ඒවා පාවිච්චි කිරීමයි . දියුණු රටවල සමාජ ජාල නිසා මිනිස්සු මැරෙන්නේ නැහැ , ලංකාවේ අමාරුවේ වැටෙන්නේ නොදන්නා කම නිසයි

:       16       58

Mahanam Wednesday, 07 March 2018 10:32 AM

මේ සියවසේ අරගත් මොඩම තීරණය...................

:       2       1

[email protected] Wednesday, 07 March 2018 10:56 AM

සියවසේ මහා විහිලුව

:       10       143

Jehaan Wednesday, 07 March 2018 11:04 AM

මුහුණු පොත හරියට පාවිච්චි කිරීම තමන්ගේ වැඩක්. සමහර අය තම දුවගේ වැඩිවිය සිට විවාහය දක්වා මුහුණු පොතේ දමාගෙන විනාශ වුණාට අනෙක් මිනිස්සු මොනවා කරන්නද? අතීසාරයට අමුඩයක් නෙවෙයි නැපියක් අන්දවන්න හදන්නේ...

:       0       1

සහන් Wednesday, 07 March 2018 11:40 AM

ට්විට්ටේර් එකත් බ්ලොක් කරන්න හෑෂ් ටැග් ගහලා ලංකාව ගැන වැරදි මතයක් හදන්න උත්සහ කරනවා.

:       3       4

Aluthgama A. Samathasena. Wednesday, 07 March 2018 11:43 AM

Face Book එකේ ඉන්නා හොද අයගේ හිත් නොරිදේවා. ඇත්තෙන්ම මෙයට පාලනයක් තිබීම හොදයි. සමහර දෙනාගේ අසංවර බස, කුණුහරුප භාවිතය ,විවේචනය වෙනුවට හෙළාදැකීම, උපහාසය වෙනුවට අපහාස කිරීම, බොරුකීම හා කටකතා පැතිරවීම ආදියට වැට දිය යුතුය. එය රටෙහි යහපත සඳහාය.

:       2       39

lankanatha Wednesday, 07 March 2018 12:22 PM

TWITTER එක තාමත් බ්ලොක් නැහැ

:       1       12

edss madusanka Wednesday, 07 March 2018 01:10 PM

ඒ වැඩේ නම් ගොඩක් හොඳයි.

:       1       14

උපුල් Wednesday, 07 March 2018 01:24 PM

කළ යුතු වන්නේ ⁣සමාජ ජාලා වෙබ් අඩවි පාලනය නොව මෙම ඇතිවී ඇති තත්වය පාලනය කිරීමයි. දින දෙකකට වඩා කල් ගතවී ඇතත් ⁣රජයට මෙම තත්වය පාලනය කිරීමට නොහැකිද යන්න පිලිබඳව ඇත්තේ සැකයකි. මක්නිසාද මේ රටේ පොලීසිය, කැරලි මර්දන ඒකකය, හමුදාව සියල්ල අැත. මෙවන් සාමාන්‍ය මිනිසුන් පාලනය කිරීම නොහැකි වීම විහිළුවකි. මක්නිසාද මේ රටේ උද්ඝෝෂණ පැයෙන් දෙකෙන් මර්ධනය කිරීමට මේ අයට හැකිය. ගතයුතු ක්‍රියාමාර්ග නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් ජාතිවාදී ලේබල් අලවමින් සිටියාට වැඩක් නැත. මේ රටේ තොරතුරු දැනගැනීමේ පනතද සම්මත වී ඇත. ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලින් සිදුවන්නේ කට කතා පැතිරවීම පමණක් නොවේ. එසේ පවසනවා නම් එය නොදැනුවත්කමයි. මෙහි විවිධ බුද්ධිමය සංවාද සිදුවන තැනකි. යම් එක් කණ්ඩායමක් කරන එක් වරදක් නිසා මේ සියලු දෙනාගේම අයිතිවාසිකම් අහිමි කිරීම සදාචාර සම්පන්න නොවේ.

:       2       34

ඩයස් Wednesday, 07 March 2018 02:03 PM

අතීසාරයට අමුඩයද? හිස රැදාවට කොට්ටය වෙනස් කිරීමද කෙතරම් වටිනේද? ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සැකය සහ නොහැකියාව පෙන්නුම් කිරීමකි.. ආණ්ඩුවක් නිවැරදිව කටයුතු කරනවා නම් සමාජ ජාලා වලින් ආණ්ඩුව වට්ටන්න බැහැ... ඒවා ඒ අය කියන තරමට ආරක්ෂාව පිළිබඳව ගැටළු ඇතිකරමින් බේගල් පතුරුවනවා නම් එයාලා බලයට එන්න කලින් මහ ෆේස් බුක් මෙහෙයුම කෙතරම් රටට හානියක් කළාද කියලා එයාලම දැනගත යුතුයි. මේ මොකක් බ්ලොක් කළත් මේ අමන ආණ්ඩුවට ආයුෂ අඩු කිරිමේ ජනතා අවශ්‍යතාවය නිමා නොවන බව සිහිතබා ගතයුතුයි.

:       0       0

Aruna Sirimanna Thursday, 08 March 2018 01:07 AM

⁣මේ රටට අවංක ,බුද්ධිමත් ,පාලකයන් අවබෝධයකින් ක්‍රියාත්මක වන පාලකයින් සහ පාලනයක් අවශ්‍යයයි.වෛරී පාලකයින් රජකරන වකවානුවකයි අද රට තියෙන්නේ.කිසිම ගුණාත්මක බවක් නැහැ.පොඩ්ඩ ඇත්නම් වාරණ පනවා තම බොළඳ ⁣වෛරය සංසිඳුවා ගන්න, දොලා ගැන කතා කර ගමන පයින් යන දේශනා මහා ලොකුවට කර කිසිම ක්‍රියාකාරීත්වයක් පලිගැනීම පමණක් තම න්‍යාය කරගත් නායකයින් සිටින රටක අසරණව මිනිසුන් ලෙස ජීවත් වෙන්න අද ලාංකික ජනතාවට සිදු වෙලා තියෙන්නේ. සමාජ ජාලා වෙබ් අඩවි වල හරාත්මක පැත්තකුත්,එසේ නොවන පැත්තකුත් තියනවා.මිනිසුන් භාරගන්න විධිය අනුවයි එය වෙනස් වෙන්නේ.

:       1       2

හිගන පුතා Thursday, 08 March 2018 05:33 AM

අම්මාපා රට හිනස්සන වැඩ නිසා අද තාක්ෂනික විප්ලවය සමාජය හදුනාගත් ආකාරය වැරදි මිස සමාජ ජාල වල වරදක් නැත. ආරම්භය පාලනයක් රහිත වු නිසා වත්මනේදි භයංකර තත්වයක් ඇතිවි ඇත. උපත හා විපත අතර සියල්ල පිටු අතර පළ කිරිමට යෑම තුල අනිසි තත්ත්වයන් නිර්මාණය වී ඇත.

:       2       10

නදුන් Thursday, 08 March 2018 12:53 PM

එෆ්.බී බ්ලොක් කළා කියලා මේ ගැටුම නවතින්නේ නෑනේ.. නීතිය හරියට ක්‍රියත්මක කරලා නීති කඩන ජාතිවාදය අවුස්සන අයට දැඩි දඬුවම් දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 254 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site