IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සයිප්‍රස් ගිය ලාංකිකයාට පිහියෙන් ඇනලා

 තිළිණි ද සිල්වා  

සයිප්‍රස් හි මහල්නිවාස සංකීර්ණයකදී පිහියකින් ඇණ අභිරහස් ලෙස මරා දමා තිබූ ශ්‍රී ලාංකිකයෙකුගේ සිරුරක් අද (24) එරට පොලීසිය   සොයා ගෙන ඇතැයි එරට පළවන ‘සයිප්‍රස් මේල්‘ වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙලෙස මරා දමා තිබියදී සොයා ගෙන ඇත්තේ හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ ලාංකිකයෙකි. සයිප්‍රසයේ අගනුවර වූ ලිමසෝල් හි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ඔහුගේ  ඥාතියෙකුට අයත් මහල් නිවාස සංකිරීණයක් තුළදී මෙම පුද්ගලයා අභිරහස් ලෙස මිය ගොස් සිටියදී  මෙම සිරුර සොයා ගැනීමට හැකිවී ඇතැයි සඳහන් වේ.

ඔහු එම නිවසයේ සිටියදී යම් පුද්ගලයෙකු පැමිණ ඇති අතර නිවසේ දොර ඇර නිවසට පැමිණ  ලාංකිකයාට පිහියෙන් ඇණ පළා ගොස් ඇතැයි එරට පොලීසිය සැක පළ කරයි.  

එම ලාංකිකයා ගේ මරණය සම්බන්ධයෙන් මේවන විටත්  සයිප්‍රස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   විශේෂ පරීක්ෂයක් පවත්වමින් සිටින අතර එමඟින් හෙළිවී ඇත්තේ ඔහුව මරණයට පත්කළ තැනැත්තා ආසියානුවෙකු බවට සැකකරන බවයි.  ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන හෙයින් ඒවා තහවුරු කර ගැනීමෙන් පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව සයිප්‍රස් පොලීසිය සඳහන් කර සිටී.

ඝාතනයට ලක්වූ තැනැත්තා සහ සැකකරු   ඉතාම හොඳ මිතරන් බව ද පොලීසිය  හෙළිදරව්ව කර ගෙන ඇතැයි සයිප්‍රස් මේල් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

සයිප්‍රස් ගිය ලාංකිකයාට පිහියෙන් ඇනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site