(මුදිතා දයානන්ද)
සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් පිහිටුවිමේ ගැසට්ටුව අත්හිටුවිමට ආණ්ඩුව ඉතාමත් හොඳ තින්දුවක් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (20) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී සයින්දමරුදුහි පිහිටවු නව නගර සභාව අත්හිටුවිමට ගත් තිරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අවශ්‍ය ජනගහන අනුපාතය තිබේ නම් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකට එක් පළාත් පාලන ආයතනයක් ලබාදීම නිත්‍යානුකූල බවද සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් ලබාදුන්නේ ඒ අනුව බවද ඔහු පැවසීය.
සයින්දමරුදුවලට වෙනම පළාත් පාලන ආයතනයක් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිට බවද එය ඔවුන්ගේ මානව අයිතියක් බවද මන්ත්‍රීවරයා පැවසිය. ඒ අනුව සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් පිහිටුවීමේ කිසිදු නිතිමය ගැටලුවක් නොමැති බවද එසේම ඊට අදාල කැබිනට් තීරණය ගෙන තිබෙන්නේ පසුගිය ආණ්ඩු සමයේදි වන අතර එය වත්මන් ආණ්ඩුවේ උවමනාවක් පමණක් නොවන බවද ඔහු පැවසීය.
එහෙත් පාස්කු ඉරිදා දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදි කණ්ඩායස් ජීවත්ව තිබුණෙත් ඔවුන්ගේ පුහුණුවීම් කර තිබුණෙත් මේ ප්‍රදේශයේ විම නිසා මේ නගර සභාව පිහිටුවීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇතිවූ බවද ඒ අනුව එය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීන්දු කිරීම ඉතාමත් හොඳ බවද ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම මිනිසෙක්.
පව් නොදී ගෙදරට වෙලා ඉන්නවද ?
සයින්දමරුදු නගර සභා ගැසට්ටුව අවලංගු කිරිම හොද තීන්දුවක් වන්නේ ඡන්දෙ ඉවරවෙනකම්ද ? ෙ
හැරෙන හැරෙන පැත්තට හොදයි කියන්න පුරුදුවෙන්න එපා. කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න. ලොක්කා හද කීව්වම ඉර වුනත් හද වගේ පේන නිවටයෝ.
ගැසට් කරපු එකත් හොඳයි. ගැසට් එක ඉවත් කරපු එකත් හොඳයි. නායකයෝ කරන ඕනේ දෙයක් හොඳයි.
එක තමයි අපි කලින් කිව්වේ.
මේක ගැසට්ටුව නිකුත් කරන්න කලින් කියන්න ඔලුවක් තිබිල නෑ වගේ
දැන් හොදයි ඡන්දෙ නිසා ඡන්දෙන් පස්සේ දෙමු නේද.?
සහරාන් නගර් කියලා නම දාලම ගැසට් කරන්න වෙන්න ඇති මේක අවලංගු කලේ. හරි හරි ඡන්දෙ දිනුවොත්නේ ඒක වෙන්නෙත්. බලමු බලමු...