(ඉන්දිකා රාමනායක)
සයිටම් අහෝසි සයිටම් අහෝසි කරන ලෙසට රජයට බලකරමින් සයිටම් විරෝධී සිසු ජනපවුර ලබන 9වැනිදා කොළඹ දී දැවැත්ත විරෝධතාවක් කි‍්‍රයාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද(7) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාස ආරම්භ කර තිබියදී ඒ පිළිබඳ නොතකා මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට රජය පියවර නොගැනීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බවද ඔහු කීවේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය යන ශිෂ්‍ය ව්‍යාපාර වලට සමගාමීව වෘත්තිය සමිති, බහුජන කි‍්‍රයාකාරිකයින්, සිවිල් සංවිධාන, කලාකරුවන්, දෙමාපියන්, සියලූ දෙනා මෙම විරෝධතාවට සම්බන්ධ වන බවත් ඒ සඳහා අධ්‍යපානය සෞඛ්‍ය විකිණීමේ රජයේ ප‍්‍රතිපත්තියට විරුද්ධව වන සියලූ දෙනාට කොළඹට පැමිණෙන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.