මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන විරෝධතාවය අද (10) කොළඹ පුරහල අසලින් ආරම්භ කෙරිණි.
මෙම විරෝධතාවට අදාළව පොලිසිය කළ ඉල්ලීමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොටුව, කොල්ලුපිටිය ආදී පෙදෙස්වල රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වැඩබලන කැඳවුම්කරු සුසිත ප්‍රියංකර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන පාර්ශ්වවලට මෙම නියෝගය නිකුත් කළ අතර මහජන පීඩාවක් ඇති නොවන අයුරින් විරෝධතාව සිදුකිරීමට අවසර ඇති බවද අධිකරණය දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියරු පාලකයින් ඔබ විනාශ කිරීමට උත්සහ කරාවි.. ප්‍රවේශම් වෙන්න දරුවනි.. අරගලයට ජය.. සයිටම් අහෝසි කරනු...
2009 - 2016 අවුරුදු 7ක් මේ උදවිය හිටියේ වෙන රටකද? එදා ඔය දේ කලානම් අද මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග නොයවා සාධාරණ විසදුමකට පැමිණිය හැකිව තිබුන. මෙය අද දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. නැතිනම් මුලදී නිශ්ශබ්දව සිට වසර 7 කට පසු ප්‍රමිතිය අවශ්‍ය බව පවසා අරගලය පටන් ගෙන තව වසරකට පසු සයිටම් වසා දැමිය යුතු බවට අරගල කරන්නේ මන්ද? GMOA පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනයට විරුද්ධ වෙද්දී අන්තරය පෞද්ගලික අධ්‍යාපනයටම විරුද්දව අරගලය ගෙනයයි. රුපියල් බිලියන ගණනින් සෑම වසරකම ළමුන් 1,000 පමණ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය සඳහා විදේශ ගත වේ. එය මේ උදවියට ප්‍රශ්නයක් නොවේ. ප්‍රමිතිය ඇතිකර එම අවස්ථාව මෙරටේ ලබාදී විශාල විදේශ විනිමයක් ඉතිරිකර ගෙන සහ විදේශ සිසුන්ට මෙරටට පැමිණ උපාධිය ලබාගැනීමේ අවස්ථාව ඇතිකර මෙරට ආර්ථිකය වර්දනය කල නොහැක්කේ මන්ද?
මේකට ජනමත විචාරණයක් තියන්න. ජනතාව කියනවනම් වැඩි ජනතා මතයට ඉඩ දෙන්න. හරකුන් වගේ පාරවල් ගානේ යන්න වෙන්නෙ නෑනෙ එතකොට. GMOA එකයි සරසවි සිසුන් වදයක් වෙලා මිනිස්සුන්ට.